Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පැතුම් නිස්සංක තුවාල ලබා රෝහලේ

පැතුම් නිස්සංක තුවාල ලබා රෝහලේ

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී එංගලන්ත පිලට එරෙහිව අද අවසන් වූ දෙදින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල නියෝජනය කළ යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක තුවාල ලැබීමෙන් කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබයි.

පැතුම් අද (31) පස්වරුවේම එම පෞද්ගලික රෝහලකදී එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයකට සහභාගි වූ අතර එහි වාර්තාවට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

ජෝස් බට්ලර් වේගයෙන් ගැසූ පහර ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටි පැතුම්ගේ හිසේ වැදී ස්ලිප් ස්ථානයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් ලෙස රැකගත්තේය.

එහිදී පැතුම් හිස් ආවරණ පැළඳ සිටීම නිසා තත්ත්වය බරපතල නොවූ බව වාර්තා වේ.  
පස්වරු 2.20 ට පමණ ඇති වූ මෙම සිද්ධියත් සමඟ විනාඩි 14 ක කාලයක් තරග අත්හිටුවා තිබූ අතර ඉන් අනතුරුව තේ විවේක ගැනීමට විනිසුරුවෝ පියවර ගත්හ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ නියෝජනය කළ 20 හැවිරිදි පැතුම් දක්‍ෂ පිතිකරුවෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ පැතුම්ගේ තත්ත්වය බරපතල නොවූව ද කම්පනයට පත්ව සිටීම නිසා රෝහලේ නේවාසිකව සිටිය යුතු බවයි.


අදහස් (0)

පැතුම් නිස්සංක තුවාල ලබා රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.