පානදුර නගර සභාව සතු පානදුර මහජන ක‍්‍රීඩාංගණයේ ක‍්‍රිකට් තණතීරුව, එය මෙතෙක් පාලනය කළ පානදුර ක‍්‍රීඩා සමාජයෙන් නගර සභාවට පවරා ගැනීමට තීරණය කර තිබේ. පානදුර නගර සභා ප‍්‍රධාන කාර්යාල ශ‍්‍රවනාගාරයේදී, නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැති එහි මාසික සභා රැස්වීමේදී තණතීරුව පවරා ගැනීමේ යෝජනාව සභා සම්මත විය.
නාගරික මන්ත‍්‍රී මහේෂ් ප‍්‍රනාන්දු මහතා එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර නාගරික මන්ත‍්‍රී රජීව වීරමන් මහතා යෝජනාව ස්ථිර කළේය. මෙම යෝජනාවට විරුද්ධව කිසිදු මන්ත‍්‍රීවරයකු අදහස් ප‍්‍රකාශ නොකිරීම කැපී පෙනුණි.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් මහේෂ් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මෙසේ පැවසීය.
‘‘පානදුර නගර සභාවට අයත් නගර සභා ක‍්‍රීඩා පිටියේ මැද පිහිටි තණ තීරුව දැනට පෞද්ගලික ක‍්‍රීඩා සමාජයකින් නඩත්තු කර පවත්වා ගෙන යන අතර එය පාසල් හා අනිකුත් ක‍්‍රීඩා සමාජවලට දෙනු ලබන්නේ ඉතා ඉහළ මිලකට. පාසලකින් දිනකට රුපියල් 7,500 ක් ද, ක‍්‍රීඩා සමාජයකින් දිනකට රුපියල් 30,000 ක් ද, අය කරනවා. මෙය ඉතාමත් අධික මුදලක්, ඒ නිසා මෙය නගර සභා පවරාගෙන නගර සභාවේ ක‍්‍රීඩා භූමි භාර නිලධාරියා මගින් නඩත්තු කළ යුතුයි. අපි ජනතාවගේ මුදල් වියදම් කර ලබාදුන් ලණු පැදුර මීයන්ට, කැරපොත්තන්ට බාර දීලා. ප‍්‍රයෝජනයක් ගන්නේ නෑ. මේක හරි විහිළුවක් නගර සභාවට වටේ අයිතියි, මැද අයිති නෑ’’
මෙහිදී අදහස් දැක්වූ පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසුවේ මෙවැනි අධික මුදලක් අය කිරීම පාසල්වලට කරන විශාල අසාධාරණයක් බවත්, මෙහි බරත් පානදුරේ පාසල් දරුවන්ගේ දෙමව්පියන් පිටම පැවරෙන බවත්ය.
‘‘මේක රටේ ක‍්‍රීඩාව දියුණු කිරිමේ උත්සාහයට කරන අපරාධයක්, මේක වෙළදාමක් වෙලා තියෙන්නේ, මා මේ පිළිබඳව සොයා බැලූවා, එතන වැඩ කරන්නෙත් අපේ නිලධාරියාමයි. ඒ නිසා පානදුරේ ජනතාවට සහනක් වෙන්න ඒ සඳහා අපි කටයුතු කළ යුතුයි’’ යැයි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.