ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර බර්මින්හැම්හිදී ඊයේ (7 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 27 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය. තරගය ජයගැනීම සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 27 ක් තුළදී රැස්කරගත යුතු ලකුණු සංඛ්‍යාව 101 ක් බැවින් පාකිස්තානයට ලකුණු 19 ක ජයක් හිමිවිය.
| දකුණු අප්‍රිකාව | |||
| ක්වින්ටන් ඩි‘ කොක් - ක.මු.කළා ප. හෆීස් | 33 | ||
| හසීම් අම්ලා - ක.මු.කළා ප. ඉමාඩ් | 16 | ||
| ෆෆ් ඩුප්ලෙසි - ප. හසාන් අලි | 26 | ||
| ඒ බී ඩිවිලියර්ස් - ඇ. හෆීස් | 0 | ||
| ඩේවිඩ් මිලර් - නොදැවී | 75 | ||
| ජේ.පී. ඩුමිනි - ඇ. බාබර් ප. හසාන් අලි | 8 | ||
| වේන් පානෙල් - ප. හසාන් අලි | 0 | ||
| ක්‍රිස් මොරිස් - ඇ. හසාන් අලි ප. ජුනයිඩ් | 28 | ||
| කගිසො රබාඩා - ඇ. හසාන් අලි ප. ජුනයිඩ් | 26 | ||
| මෝනි මෝකල් - නොදැවී | 0 | ||
| අතිරේක (පා-1, ව-5, නි-1) | 7 | ||
| එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී | 219 | ||
| කඩුලු වැටීම | |||
| 1-40 (අම්ලා), 2-60 (ඩි‘ කොක්), 3-61 (ඩිවිලියර්ස්), 4-90 (ඩුප්ලෙසි), 5-118 (ඩුමිනි), 6-118 (පානෙල්), 7-165 (මොරිස්), 8-213 (රබාඩා) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා | |||
| ඉම්රාන් තහීර් | |||
| පන්දු යැවීම | |||
| මොහොමඩ් අමීර් | 10-0-50-0 | ව-3 | |
| ජුනයිඩ් ඛාන් | 9-0-53-2 | ව-1, නි-1 | |
| ඉමාඩ් වසීම් | 8-0-20-2 | ||
| මොහොමඩ් හෆීස් | 10-0-51-1 | ||
| හසාන් අලි | 8-1-24-3 | ||
| ෂදාබ් ඛාන් | 5-0-20-0 | ||
| පාකිස්තානය | |||
| අසාර් අලි - ඇ. තහීර් ප. මෝකල් | 9 | ||
| ෆාකර් සාමන් - ඇ. අම්ලා ප. මෝකල් | 31 | ||
| බාබර් අසාම් - නොදැවී | 31 | ||
| මොහොමඩ් හෆීස් - ඇ. තහීර් ප. මෝකල් | 26 | ||
| ෂොයිබ් මලික් - නොදැවී | 16 | ||
| අතිරේක (පා-2, ව-3, නි-1) | 6 | ||
| එකතුව ඕවර 27 කදී කඩුලු 3 ක් දැවී | 119 | ||
| කඩුලු වැටීම | |||
| 1-40 (සාමන්), 2-41 (අසාර්), 3-93 (හෆීස්) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| සෆ්රාස් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අමීර්, ෂදාබ් ඛාන්, හසාන් අලි, ජුනයිඩ් ඛාන් | |||
| පන්දු යැවීම | |||
| කගිසෝ රබාඩා | 7-1-36-0 | නි-1 | |
| වේන් පානෙල් | 4-0-25-0 | ||
| මෝනි මෝකල් | 7-1-18-3 | ව-1 | |
| ක්‍රිස් මොරිස් | 5-1-22-0 | ව-1 | |
| ඉම්රාන් තහීර් | 4-0-16-0 | ව-1 | |
වර්ෂාව නිසා තරගය නතර කරන විට බාබර් අසාම් හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 31 ක්ද, ෂොයිබ් මලික් හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 16 ක්ද ලබා සිටියහ.
පාකිස්තාන කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 3 ටම හිමිකම් කීමට මෝනි මෝකල් සමත් වූ අතර නිලකුණු ඕවරයක්ද සමගින් ඕවර 7 ක් යැවූ ඔහු එහිදී සිය ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. හුදෙකලා සටනක නිතර වූ ඩේවිඩ් මිලර් පන්දු 104 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස්කළේය.
ලකුණු 118 කට කඩුලු 6 ක් බිඳවැටී දකුණු අප්‍රිකානු කණ්ඩායම අසීරු අඩියකට පත්ව තිබූ අවස්ථාවේ ක්‍රිස් මොරිස් (28) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිලර්, කගිසෝ රබාඩා (26) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ හසන් අලී ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජුනේඞ් ඛාන් සහ ඉම්ඩාඞ් වසීම් කඩුලු 2 බැගින් දවාගත්හ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.