Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය අමාරුවේ වැටෙයි

පාකිස්තානය අමාරුවේ වැටෙයි

Dilrukshi - 2015 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කිසිවකු අපේක්‍ෂා නොකළ තරම් වේගයකින් තරගයට අවතීර්ණ වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) පාකිස්තානු මුල් ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 96 කට බිම දැමූහ. අද සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 118 ක් ලබා සිටි නමුත් ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 182 ක් පසුපසින් සිටියේය.

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අන්දමන්ද කරමින් පන්දු යැවූ ධම්මික ප‍්‍රසාද්  ඕවර 4 ක් යවමින් ලකුණු 10 කට කඩුලූ දෙකක් දවාගත් අතර 6 වැනි  ඕවරයේදීම පන්දව අතට ගත් රංගන හේරත් අසාර් අලි පිටියෙන් ඉවත් කළේ පාකිස්තානයට එරෙහිව ලබාගත් 89 වැනි කඩුල්ලත් සිය කඩුලූ මල්ලට එක්කරමිනි.

පන්දුව වැදීමෙන් දකුණත තුවාල වූ නමුත් ඊට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගත් ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකින් යුනිස් ඛාන් පිටියෙන් ඉවත්ව ගියේය. එයින් අඩහෝරාවකට පමණ පසුව පළමු ස්ලිප් හි සිටි කුමාර් සංගක්කාරගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් පාකිස්තානු නායකයා ආපසු කී‍්‍රඩාගාරයට ගියේ පාකිස්තානු විවේකාගාරය සසළ කරමිනි.
සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් කෞෂාල් සිල්වාගේ (125) පිතිහරඹයට පින්සිදු වන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 300 ක් ලබාගත්තේය. ශී‍්‍ර ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් 41.6 % ක හිමිකරුවා වූ කෞෂාල් සිල්වා පිටියෙන් ඉවත්ව ගියේ මුලූ ලකුණු සංඛ්‍යාව 291 ක් ලෙසින් සටහන්ව තිබියදීය.

හෝරා හතහමාරකට මඳක් වැඩි කාලයක් පිටියේ රැුඳුනු මෙම හුරුබුහුටි ආරම්භක පිතිකරුවාගේ ඉනිම මන්දගාමී වූ නමුත් ඔහු මුහුණ දුන් පන්දු 300 න් 16 ක්ම හතරේ සීමාව පසුකර ගොස් තිබිණ. එය ශී‍්‍ර ලංකා ඉනිමේ සියලූම හතරේ පහර සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩිය.

පාකිස්තානු නායක මිස්බා උල්හක් පෙරවරුවේදීම දෙවැනි නව පන්දුව ලබාගත් නමුත් ද`ග පන්දු යවන්නන් දිගටම කි‍්‍රයාත්මකව තැබීය. සිය නායකයාට සාර්ථක ප‍්‍රතිඵළ ගෙන දුන් වමතින් ද`ග පන්දු යවන සුල්ෆිකාර් බාබර් සහ මොහොමඞ් හෆීස් නව පන්දුවෙන් කඩුලූ දෙකක්ම දවාගත්තේ කඩුලූ 4 කට 226 ක් ව තිබූ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව කඩුලූ 6 කට 261 ක් ලෙස වෙනස් කරමිනි.

අද පෙරවරුවේදී තරගය ආරම්භ කර විනාඩි 20 ක් යාමටත් මත්තෙන් වහබ් රියාස් විසින් යවන ලද පන්දුවක් නායක ඇන්ජලෝ මැතිව්ස්ට කිසිවක් සිතාගැනීමටත් කාලයක් නොතබා කඩුල්ල සොයා ඇදී ගියේය. අනතුරුව පිටියට පිවිසි මොහොතේ සිටම ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල්ගේ දෑස් අබියස දිගු ඉනිමක් පෙනෙන්නට තිබුණද සුල්ෆිකාර් බාබර්ගේ පන්දුවකට බැක්කට් පහරක් ගැසීමට යාමේදී පන්දුව කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් දැවී ගියේය.

වමත් පිතිකරු කිතුරුවන්  විතානගේගේ දැවී යාම පුහුණුකරුවන් පවා මවිත කරවන්නක් විය. පාකිස්තානු පිලේ අතිරේක ද`ග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන මොහොමඞ් හෆීස් හමුවේ තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පන්දුව පිත්තටම ලබාගත් විතානගේ දැවී ගියේ පන්දු යවන්නටම තිළිණ කළ පහසු උඩපන්දුවකිනි. ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව වරෙක කඩුලූ 5 කට ලකුණු 261 ක් ලෙසින් දිස්වූ නමුත් කිතුරුවන්ගේ දැවීයාමත් සමගම අවසන් කඩුලූ 5 ලකුණු 39 ක් තුළදී ඇද වැටිණ.

සහායක පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී තමන්ට සුපුරුදු පිතිහරඹයට වන් කෞෂාල් සිල්වා කිසිදු කලබලයකින් තොරව දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. ඒ වෙනුවෙන් මිනිත්තු 374 ක් මිඩංගු කළ සිල්වා පන්දු 261 කට මුහුණ දුන් අතර ශතකය ලබාගත්තේ සුල්ෆිකාර් බාබර් හමුවේ සිය සීමාවෙන් ඉවතට පැමිණ ගැසූ චිත්තාකර්ශනීය හතරේ පහරකිනි.

ශී‍්‍ර ලංකා ඉනිමේ එකම සාර්ථක සම්බන්ධතාව ඇතිවූයේ කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්කාර අතරය. මෙම පිතිකරුවන් දෙදෙනා අතර පැවැති ලකුණු 112 සම්බන්ධතාව හැරෙන්නට අන් සියලූම කඩුලූ සම්බන්ධතා ලකුණු 40 ට අඩු ඒවාවිය.

හෙට තරගයේ සිවුවැනි දිනයයි


තරගයේ සජීවී ලකුණු පුවරුව

 


අදහස් (0)

පාකිස්තානය අමාරුවේ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.