Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළමු පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

පළමු පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අද (31 වැනිදා) ජය පරාජයකින් තොරව නිමාවට පත්විය.

දෙවැනි දිනය වූ අද තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 365 ක් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා ලකුණු 27 ක් පසුපසින් සිටියේය.

එහිදී තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ ජෝ රූට් (100) පන්දු 117 කදී සිය ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 13 ක් සමගිනි. ශතකය ලබා ගත් විගස සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.

ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් හතරේ පහර 9 ක් සමග ලකුණු 47 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සධීර සමරවික්‍රම සමත් විය. කීටන් ජෙනිංග්ස්ගේ ඉනිම ලකුණු 13 කට සීමා කිරීමට ෂෙහාන් මධුෂංක සමත් වූ අතර ජෝ ඩෙන්ලි ලකුණු 25 කට දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

බෙන් ස්ටොක්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද, ජොස් බට්ලර් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහෙත් ඇන්ජලෝ මැතිව්ස්ගේ සහාය ඇතිව ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට නිෂාන් පීරිස් සමත් විය.

හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මුයින් අලී පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළ අතර ඔහු දැවී ගියේ නිෂාන් පීරිස්ගේ පන්දුවක් හමුවේ මනෝජ් සරත්චන්ද්‍ර අතට උඩ පන්දුවක් දෙමිනි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලේ පළමු ඉනිම - කඩුලු 9 කට 392
(ළහිරු තිරිමාන්න 45, කෞෂාල් සිල්වා 62, සධීර සමරවික්‍රම 58, ඇන්ජලෝ මැතිව්ස් 45, අෂාන් ප්‍රියන්ජන් 50, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59, පැතුම් නිස්සංක 29, මුයින් අලී 64/2)

එංගලන්ත පිලේ පළමු ඉනිම - කඩුලු 7 කට 365
(රෝරි බර්න්ස් 47, ජෝ ඩෙන්ලි 25, ජෝ රූට් 100, බෙන් ස්ටෝක්ස් 31, ජොස් බට්ලර් 44, මුයින් අලී 60, ඔලී පෝප් නොදැවී 18, බෙන් ෆෝක්ස් නොදැවී 16, නිෂාන් පීරිස් 108/3)


- 036

 


අදහස් (0)

පළමු පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.