Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පංජාබ් පිල තරගාවලියෙන් ඉවතට

පංජාබ් පිල තරගාවලියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) පළමු වටයේ 55 වැනිදා තරගය ලෙස මොහාලිහිදී අද (05) පැවැති දිනයේ පළමු තරගයේදී කිංග්ස් XI පංජාබ් පිල කඩුලු හයකින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.

මෙම තරගය එම කණ්ඩායම් දෙකේම අවසන් තරගය වූ අතර චෙන්නායි පිල මෙම තරගයට පෙරම අවසන් සිවුදෙනාගේ වටයට සදුසුකම් ලබා සිටියේය. පංජාබ් පිල මෙම තරගයෙන් ජය ලැබුවද අවසන් සිවුදෙනාගේ වටයට පැමිණීමට අවස්ථාවක් නොතිබුණි.

චෙන්නායි පිල තරග 14 න් තරග නවයක් ජය ලබා ප්‍රසාද ලකුණු 18 ක් හිමිකර ගත්තේය.

පංජාබ් පිල තරග 14 න් හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 12 ක් ලබා හයවැනි තැනට පත්විය.

පංජාබ් පිල ලකුණු 171 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 18 කදී කඩුලු හතරක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ලෝකේෂ් රාහුල් පංජාබ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 36 කදී හතරේ පහර හතක් සහ හයේ පහර පහක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත් විය. ලෝකේෂ් පන්දු 19 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිලේ ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 55 කින් ලකුණු 96 ක් රැස්කළ අතර එයට හතරේ පහර 10 ක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය.

සෑම් කරන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.  


චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 170
(ෆෆ් ඩූ ප්ලීසිස් 96, සුරේෂ් රයිනා 53, මොහොමඞ් ශාමි 17/2, සෑම් කරන් 35/3)

කිංග්ස් XI පංජාබ් පිල ඕවර 18 කදී කඩුලු 4 ට 173
(ලෝකේෂ් රාහුල් 71, ක්‍රිස් ගේල් 28, නිකලස් පූරන් 36)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි

- 048

 


අදහස් (0)

පංජාබ් පිල තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.