Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නෝර්ජේගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

නෝර්ජේගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අතේ මාපටැඟිල්ල බිදීයාම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ජේට ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු අහිමිවන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය. නෝර්ජේ වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක ක්‍රීස් මොරිස් ආදේශ කර ඇති අතර 2018 පෙබරවාරී මාසයෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරග සඳහා ඔහු සහභාගිවී නැත.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නාවූ කගිසෝ රබාඩාද මේවනවිට ආබාධයකට ලක්ව ඇත. රබාඩාගේ පිටකොන්දේ ආබාධය සුවවීම සඳහා සති 2-3 ක කාලයක් අවශ්‍ය බව කණ්ඩායම් කළමණාකරු වෛද්‍ය මොහොමඞ් මූසාජී මහතා පැවසීය. මෙම ආබාධය හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වලින් ඉවත්වීමට දිල්ලි කැපිටල් පිල නියෝජනය කළ රාබාඩාට සිදුවිය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් මැයි 30 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයට රබාඩාගේ සහභාගීත්වය මේ වනවිට අවිනිශ්චිත තත්වයක පවතී. තරගාවලිය ආරම්භවී පළමු සතිය තුලදී එංගලන්තයට, බංග්ලාදේශයට සහ ඉන්දියාවට එරෙහිව තරග 3 කට සහභාගිවීමට දකුණු අප්‍රිකාවට සිදුවන්නේය.

ලෝක කුසලාන සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම්කරන ලද වේගපන්දු යවන්නන් සිවුදෙනෙකුම ආබාධයන්ට ලක්වී ඇත. ආබාධයන්ට ලක්වීමට පෙර කගිසෝ රබාඩා සහ ඬේල් ස්ටේන් ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීවුවද නොර්ජේ සහ ලුන්ගි න්ගිඩිට ආබාධ හේතුවෙන් එම තරගාවලියට සහභාගිවීමට නොහැකි විය.

න්ගිඩි මේ වනවිට පුහුණු දැළ තුල පන්දු යවමින් ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් සිටින බව කණ්ඩායම් කළමණාකරු පැවසීය.

පෝර්ට් එලිසබත්හිදී දැල තුල පුහුණු කටයුතුවල නිරතව සිටියදී ආබාධයකට ලක්වූ නෝර්ජේට ඉක්මනින් ශල්‍යකර්මයක් කිරීමට සිදුවූ අතර ඔහුට සති 8 ක පමණ කාළයක් විවේක ගැනීමට සිදුවන බව මූසාජී මහතා පැවසීය. පන්දු යවන්නන්ගෙන් ඊළගට සිටින හොඳම විකල්පය මොරිස් බව තේරීම් කැඳවුම්කරු ලින්ඩා සොන්ඩි මහතා පවසයි.

“වේගය සහ පිතිකරුවන් පීඩනයට පත්කිරීමේ හැකියාව ඇති අතර පිත්තෙන් දස්කම් දක්වමින් තරගයක් ජයග්‍රහණය කරා ගෙනයෑමේ හැකියාවද ඔහුට තිබෙනවා. ඔහුගේ ආබාධයන් සහ කරන්න තියෙන වැඩ කොටස කළමණාකරනය කරගැනීමේ හැකියාව ඔහුට තිබෙනවා. මේ ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් විශාල දෙයක් කණ්ඩායම වෙනුවෙන් කිරීමට ඔහුට හැකියාව තිබෙනවා” යයිද සොන්ඩි මහතා පැවසීය.

 


අදහස් (0)

නෝර්ජේගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.