Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නායකයාගේ විශ්වාසය ධනංජයට වෙතට

නායකයාගේ විශ්වාසය ධනංජයට වෙතට

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පිල ශ්‍රී ලංකාවට පැමිණ සහභාගි වූ පළමු පුහුණු තරගයේදීම නායකත්වයට පත්කළ ළහිරු තිරිමාන්න ටෙස්ට් සංචිතයටද කැඳවනු ලැබිිණ. එහෙත් පළමු තරග දෙකේදීම අවස්ථාවක් නොලද වමත් පිතිකරුවා තුන්වැනි තරගයේදීත් සංචිතයට එක්වී තිබේ.

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇති විචිකිච්ඡාව වන්නේ ධනංජය ද සිල්වාගේ ස්ථානයට ළහිරු තිරිමාන්න අදේශ විය හැකිද යන්නයි. එහෙත් ධනංජයගේ ස්ථානය සම්බන්ධයෙන් කළ විමසීමේදී නායකයා තම අංක 6 පිතිකරුවා සම්බන්ධයෙන් විශ්වාසය පළකළේය.

“ධනංජය කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව ඔහු ක්‍රීඩා කරපු ආකාරය දිහා බැලුවොත් එයා විශිෂ්ට ඉනිම කීපයක්ම ක්‍රීඩා කළා”

“ඉනිම දෙකක් නිසා එයාව එළියට දාන්න බෑ. ඒත් අපි තාම කිසිම තීරණයක් අරගෙන නෑ. හෙට උදේ තමයි තීරණයක් ගන්නේ” යයි මහනුවර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නායකයා පැවසීය. එහෙත් ඒ චන්දිමාල්ගේ අදහස පමණි. කණ්ඩායම තෝරා ගැනීමේදී අවසන් තීරණය නායකයාගේම නොවේ.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා කැඳවූ ධනංජය ද සිල්වා එම තරගයේ ඉනිම දෙකේදීම ලබාගත්තේ ලකුණු 16 ක් නමුත් දෙවැනි ඉනිමේදී තුන්වැනි විනිසුරුවරයාගෙන් ඔහුට ලැබුණේ මහත් විනාශකාරී තීන්දුවකි. ලෝකයේ අංක 1 පන්දු යවන්නා වන රවීන්ද්‍ර ජදේජාගේ ඕවරයකදී ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත පහර 4 කින් පන්දුව සිවු වතවක් හතරේ සීමාවට යැවූ ධනංජය දැවීයන්නේ උඩපන්දුවක් නොවූ උඩපන්දුවකිනි. එසේ වුවත් ලකුණු සටහන් පොතේ ධනංජය සිල්වාගේ නමට ඉදිරියෙන් සටහන් වූයේ ලකුණු 17 ක් පමණි.

ශ්‍රී ලංකා පිලේ පළපුරුදුම පන්දු යවන්නන් වන සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනාත්, මේ වන විට ලෝකයේ සිටින ජ්‍යෙෂ්ඨතම ටෙස්ට් ක්‍රීඩකයා වන රංගන හේරත් ශාරීරික ආබාධ හේතුවෙන් මෙම සංචිතයට ඇතුළත් කර නැත. එවන් තත්ත්වයක් යටතේ තරුණ වේග පන්දු යවන්නන් කෙරේ බලාපොරොත්තු රැඳවීමට නායක චන්දිමාල්ට සිදුවී තිබේ.

“ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙන්නාම මේ දවස්වල හොඳින් පන්දු යවමින් සිටිනවා. ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් නැති මේ වෙලාව තමන්ගේ තරම පෙන්නන්න ඒ දෙන්නාටත් හොඳ අවස්ථාවක්.....”
“තරුණ ක්‍රීඩකයන්ගෙන් කවුරු හරි කෙනෙක්ගේ නැත්නම් දෙන්නෙක්ගේ දස්කම් වලින් අපට මේ තරගය ජයගන්න හැකි වුණොත් ඒක අපේ ඉදිරි ගමනට විශාල මානසික ශක්තියක් වෙයි. අප සොයමින් ඉන්නේ ඒ ජයග්‍රහණය තමයි” යයිද චන්දිමාල් කීවේය.

“හේරත් නැතිවීම විශාල පාඩුවක් වුණත් ක්‍රීඩකයන් කළමණාකරණය කිරීමේ ක්‍රමවේදය අනුව මේ තරගයේදී ඔහුට විවේකයක් දෙන්න තීරණය කරලා තියෙනවා” යයිද චන්දිමාල් කීවේය.

අද පෙරවරුවේදී පැවැති වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් කළ නොහැකි වූ නමුත් ශ්‍රී ලංකා නායකයා ඒ ගැන තැවුණේ නැත. අවශ්‍ය නම් ගෘහස්ථ පුහුණුවීම් කළ හැකිව තිබූ  නමුත් ඇතැම් පිතිකරුවෝ ගෘහස්ථ පුහුණුවීම් වලට අකමැත්තක් දක්වති.

දිනේෂ් චන්දිමාල් කියා සිටියේ ටෙස්ට් තරගයක පළමු ඉනිමේදී අවම වශයෙන් ඕවර 120 ක් වත් පන්දුවට පහර දීමට හැකියාව ඇත්නම් එම තරගය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට අවස්ථාව ඇති බවයි.

“එහෙම කරන්න පුළුවන් නම් අඩුතරමේ තරගය පරාජය වීමේ අවදානමෙන්වත් මිදෙන්න පුළුවන්. අපේ උත්සාහය ඉදිරි තරග වලදී ඒ ඉලක්කයට යන්න තමා” යයිද චන්දිමාල් පැවසීය.

පළමු ටෙස්ට් තරග දෙකෙදී ශ්‍රී ලංකා මුල් ඉනිම දෙක ඕවර 78.3 (ලකුණු 291) කට සහ ඕවර 49.4 (ලකුණු 183) කට සීමා විය. දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් අපේක්‍ෂිත දස්කම් දැකගන්නට නොලැබිණ. එහෙත් ඉන්දියානුවෝ මෙම තරග දෙකේදීම මුල් ඉනිමේදී ලකුණු 600 ඉලක්කය පසුකළහ.

 


අදහස් (0)

නායකයාගේ විශ්වාසය ධනංජයට වෙතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.