Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ ඉදිරියෙන්ම සිටින ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා සහ පන්දු යවන්නන් 20 අතර නවසීලන්ත ක්‍රීඩකයෝ 6 දෙනෙක් සිටිති. එහෙත් එම ස්ථාන 40 න් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිව ඇත්තේ ස්ථාන 4 ක් පමණි. 

ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන දිමුත් කරුණාරත්න ලකුණු 753 ක් ලබා 7 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි. දිමුත් හැරුණු කොට මුල් ස්ථාන 20 තුළ රැදී සිටින සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන් වන නායක දිනේෂ් චන්දිමාල් (ලකුණු 695) 12 වැනි ස්ථානයටද, කුසල් මෙන්ඩිස් (ලකුණු 627) 20 වැනි ස්ථානයටද පත්ව සිටිති. 

ටෙස්ට් පන්දු යවන්නන් 20 දෙනා අතර රැදී සිටින එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා ඩිල්රුවන් පෙරේරාය. ප්‍රසාද ලකුණු 689 ක් සමග ඔහු අන්තර්ජාතික පන්දු යවන්නන් අතර 20 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. 

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සිය ඉහළම පෞද්ගලික ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය (913) ලබා ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි. පළමු පිතිකරුවන් 20 දෙනා අතර රැදී සිටින සෙසු නවසීලන්ත පිතිකරුවන් වන හෙන්රි නිකොල්ස් (ලකුණු 709) 9 වැනි ස්ථානයේද, රොස් ටේලර් (ලකුණු 658) 16 වැනි ස්ථානයේද පසුවෙති. 

ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටේ්‍රන්ට් බෝල්ට් සමත්ව ඇත්තේ ලකුණු 764 ක් සමගිනි. නීල් වැග්නර් ලකුණු 733 ක් ලබා එහි 13 වැනි ස්ථානයේද, ටිම් සවුති ලකුණු 706 ක් ලබා 15 වැනි ස්ථානයේද රැදී සිටිති. 

 

ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා

ලෝකයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 20 දෙනා


 

-036  


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.