Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධනංජය - ප්‍රදීප් නැවතත් ටෙස්ට් සංචිතයට

ධනංජය - ප්‍රදීප් නැවතත් ටෙස්ට් සංචිතයට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23 වැනිදා) ප්‍රකාශයට පත් කළේය. නිව්මෝනියා රෝගය වැළඳීම හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමේ ස්ථීර නායක දිනේෂ් චන්දිමාල් පළමු තරගයට ක්‍රීඩා නොකරන බැවින් ජේෂ්ඨ ක්‍රීඩක රංගන හේරත්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවිය.

මේ අනුව දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත් කර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත. සිම්බාබ්වේ සමගින් පැවැති ටෙස්ට් සංචිතය සදහා එක් නොවූවද පෙර පැවැති ටෙස්ට් සංචිත සදහා නම්කර සිටි තවමත් ටෙස්ට් වරම් හිමිනොවූ මාලින්ද පුෂ්පකුමාරද නැවතත් ටෙස්ට් සංචිතයට නම්කර ඇත.

30 වැනි වියෙහි පසුවන මාලින්ද පළමු පෙළ තරග වලදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් තරග 99 කදී කඩුලු 558 ක් දවාගෙන ඇති අතර කඩුලු දවාගැනීමේ සාමාන්‍යය 19.85 කි. හලවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන පුෂ්පකුමාර අවසන් පළමු පෙළ තරගාවලියේ තරග නවයකදී කඩුලු 77 ක් දවාගත් අතර කඩුලු දවාගැනීමේ සාමාන්‍යය 13.79 කි.

දිනේෂ් චන්දිමාල්ගේ රෝගී තත්වය හේතුවෙන් ධනංජය ද සිල්වාට කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලැබුණු අතර ඉන්දියාව එරෙහිව පැවැති පුහුණු තරගයේදී ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවිය. කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියාවට සහ සිම්බාබ්වේට එරෙහිව පැවැත් පළමු තරගාවලි දෙකේදී ලකුණු 325 ක් සහ 225 ක් රැස්කරමින් ටෙස්ට් දිවිය සාර්ථකව ආරම්භ කිරීමට ධනංජය සමත් විය.

වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීම සදහා නුවන් ප්‍රදීප් නැවතත් කණ්ඩායමට පැමිණ ඇති අතර සිම්බාබ්වේට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී කලවා ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් විමට සිදුවීම නිසා ටෙස්ට් තරගයද අහිමිවිය. නුවන් ප්‍රදිප්ගේ වේගපන්දු බලඇණියේ සාමාජිකයකු වන දුෂ්මන්ත චමීර කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී ආබාධයකට ලක්වූ ඔහු නැවත කණ්ඩායමට එක්වුවද තවමත් ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකිවී ඇත. වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන්ද කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

පළපුරුද්ද අඩු ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සදහා උපුල් තරංග පිතිකරණ ලැයිස්තුවේ ඉහළට කැඳවා ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් මැද පෙළ ශක්තිමත් කරයි.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මාලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්.

 


අදහස් (0)

ධනංජය - ප්‍රදීප් නැවතත් ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.