Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙවැනි එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

දෙවැනි එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර එඩින්බරෝහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 44.5 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ඔවුනට තරගය ජයගැනීම සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 267 ක් පමණි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට හෂ්මතුල්ලා ශහිදි ලකුණු 59 ක්ද, අස්ගර් ඇෆ්ගන් ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ඇෆ්ගනිස්තාන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 39 කි.

දක්ෂ පිතිහරඹයක නිතර වූ රාමට් ෂා පන්දු 115 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 113 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් (55) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 67 කදී වාර්තා වූ ශේෂාඞ්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 325 ක් ලබාගත් අතර එහිදී පන්දු 89 කින් ලකුණු 100 ක් රැස්කිරීමට කැලම් මැක්ලියොඞ් සමත් වූයේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක්ද සමගිනි.

නායක කයිල් කොයෙට්සර් (79) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ලියොඞ්, ඉන් නොනැවතී රිචී බෙරින්ටන් (33) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 98 කදී වාර්තා වූ කොයෙට්සර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 12 ක් ඇතුළත් වූ අතර පන්දු 20 කදී වාරත් වූ බෙරින්ටන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ජෝජ් මුන්සේ පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, ක්‍රේග් වොලන්ස් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් ස්කොට්ලන්ත ඉනිම ශක්තිමත් කළහ.


ස්කොට්ලන්තය - ඕවර 50 කදී කඩුලු 7 කට 325
(මැතිව් කෘස් 32, කයිල් කොයෙට්සර් 79, කැලම් මැක්ලියොඞ් 100, රිචී බෙරින්ටන් 33, ජෝජ් මුන්සේ 28, ක්‍රෙග් වොලන්ස් 20, ගුලාබ්දීන් නබී 72/3, හමීඞ් හසන් 55/2, අෆ්ටාබ් අලම් 66/2)

ඇෆ්ගනිස්තානය - ඕවර 44.5 කදී කඩුලු 3 කට 269
(මොහොමඞ් ශේෂාඞ් 55, රාමට් ෂා 113, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 59, අස්ගර් ඇෆ්ගන් නොදැවී 22)

 

-036  

 


අදහස් (0)

දෙවැනි එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.