Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරති

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරති

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ටෝන්ටන්හිදී ඊයේ පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 3 ක ජයක් අත්කරගත් දකුණු අප්‍රිකාව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. තරගය ජය ගැනීම සඳහා ඇන්ඩිල් පෙලුක්වායෝ යැවූ අවසන් ඕවරය්දී ලකුණු 11 ක් රැස්කළ යුතුව තිබුණද, එහිදී එංගලන්ත පිතිකරුවන්ට කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට ලකුණු 3 ක් ලබා සිටි ආරම්භක පිතිකරු සෑම් බිලින්ස් පිටියෙන් ඉවත් කිරීමට ක්‍රිස් මොරිස් සමත් වූයේ ඬේවිඞ් මිලර්ගේ සහායද ඇතිවය. බිලින්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ආරම්භක පිතිකරු ජේසන් රෝයි (67) සමග එක්ව පන්දු 70 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජොනී බෙයාස්ට්‍රෝ (47) සමත් වූ අතර පන්දු 37 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේසන් රෝයි පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 67 ක් ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව ගියේ පන්දු රකින්නන්ට බාධා කිරීමේ වරදට හසුවෙමිනි. පහසුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු අතර සිටි ජේසන් රෝයිගේ දැවී යෑම එංගලන්ත කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපෑ අතර ඔහුගේ දැවීයෑමෙන් අනතුරුව ලකුණු 34 ක් තුළ තවත් කඩුලු 3 ක් බිඳවැටීමද එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය.

සෙසු පන්දුයවන්නන් සියලු දෙනාම පාහේ දැඩි ලෙස එංගලන්ත පිතිකරුවන්ගේ පහරකෑමට ලක් වෙද්දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් මොරිස් සිය ඕවර 4 දී ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ වීරයා බවටද පත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 174 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ ඒ. බී. ඩිවිලියස් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලාබල ක්‍රීඩක ජේ. ජේ ස්මට්ස් පන්දු 35 කදී ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි. ඉනිමේ අවසන් ඕවර කිහිපෙය්දී වේගයෙන් පන්දුවට පහරදුන් ෆර්හාන් බෙහාර්ඩීන් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක්ද සමග ලකුණු 32 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

සිය මංගල විස්සයි ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ටොම් කරන් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර දකුණු අප්‍රිකානු පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ලයාම් ප්ලන්කට් ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගත්තේය.


දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 8 කට 174
(ජේ. ජේ. ස්මට්ස් 45, මැංගලිසෝ මොෂෙල් 15, ඒ. බී. ඩිවිලියර්ස් 46, ෆර්හාන් බෙහාර්ඩීන් 32, ටොම් කරන් 33/3, ලයාම් ප්ලන්කට් 36/2)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 171
(ජේසන් රෝයි 67, ජොනී බෙයාස්ට්‍රෝ 47, ලයාම් ලිවින්ස්ටෝන් 16, ක්‍රිස් මොරිස් 18/2)


- 036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.