Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිල්ලි පිල අවසන් පූර්ව තරගයට එයි

දිල්ලි පිල අවසන් පූර්ව තරගයට එයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) අවසන් සිවුදෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර විසාඛාපට්නම්හිදී අද (08) රාත්‍රී පැවැති ‘පරාජිතයන් ඉවත් කිරීමේ’ තරගයෙන් දිල්ලි ක්‍රීඩකයෝ කඩුලු දෙකක ජයක් ලැබීමට සමත් වූහ.

 දිල්ලි පිල මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර එම තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව අනිද්දා (10) පැවැත්වීමට නියමිතය.

මෙම පරාජයත් සමඟ සන්රයිසස් හයිද්‍රාබාද් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

දිල්ලි පිල ලකුණු 163 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු අටක් දැවී සම්පූර්ණ කළේය.

රීෂාබ් ප්ලාන්ට් පන්දු 21 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර පහක් සමගින් රැස්කළ ලකුණු 49 දිල්ලි පිලට ජය ගෙන ආවේය.

රෂිඞ් ඛාන් යැවූ ඉනිම 15 වැනි ඕවරයේදී පළමු සහ සිවුවැනි පන්දුවලදී කොලින් මුන්රෝ සහ අක්ෂර් පටෙල් දවා ගනිමින් ලකුණු 111 කට කඩුලු පහක් බවට පත්කළේය.

19 හැවිරිදි ප්‍රිත්වි ෂා පන්දු 38 කින් හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් විය.

දිල්ලි පිලේ ආරම්භක පිතිකරුවන් වූ ප්‍රිත්වි ෂා සහ ශිකර් ධවාන් ක්‍රියාත්මක කළ වේගවත් සම්බන්ධතාවක් පත්වමින් අනගි අඩිතාලමක් දැමූව ද මැද පෙළ අසාර්ථක විය. ආරම්භක පිතිකරුවෝ පන්දු 45 කින් ලකුණු 66 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.  

කොදෙව් යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක කීමෝ පෝල්ගේ (32/3) දක්‍ෂ පන්දු යැවීම නිසා හයිද්‍රාබාද් පිලට විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට තිබූ අවස්ථාව මඟ හැරුණි.

විජේ ශංකර් පන්දු 11 කින් හතරේ සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගතකරමින් ලකුණු 25 ක් රැස් කළේය.
විජේ ශංකර් සහ මොහොමඞ් නබී අවසන් ඕවර කීපයේදී දියත් කළ වේගවත් පිතිහරඹය නිසා හයිද්‍රාබාද් පිලට ලකුණු 162 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.  

මනීෂ් පාණ්ඬේ පන්දු 36 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 30 ක් රැස් කළේය.

මාටින් ගප්ටිල් පන්දු 19 කින් ලකුණු 36 ක් රැස්කර සිටියදී අමිට් විෂ්රාගේ පන්දුවකට වේගවත් පහරක් ගැසීමට යෑමෙන් උඩ පන්දුවක් දී දැවී ගියේය. ගප්ටිල්ගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය.
රිදීමන් සාහා පන්දු නවයකින් ලකුණු අටක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

මාටින් ගප්ටිල්ගේ වේගවත් පිතිහරඹය නිසා හයිද්‍රාබාද් පිල පළමු ඕවර තුන අවසන් වන විට ලකුණු 31 ක් රැස්කර සිටියේය.

දිල්ලි පිලේ නායක ශියාස් අයියර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 162
(මාටින් ගප්ටිල් 36, මනීෂ් පාණ්ඬේ 30, කේන් විලියම්සන් 28, විජේයි ශංකර් 25, මොහොමඞ් නබී 20, ඉෂාන්ත් ශර්මා 34/2, කීමෝ පෝල් 32/3)

දිල්ලි කැපිටල්ස් පිල ඕවර 19.5 කදී කඩුලු 8 ට 168
(ප්‍රිත්වි ෂා 56, ශිකර් ධවාන් 17, රීෂාබ් ප්ලාන්ට් 49, කලීඞ් අහමඞ් 24/2, රෂීඞ් ඛාන් 15/2)  

 

 

ඡායාරූප - අයි.පී.එල් . නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි

- 048


අදහස් (0)

දිල්ලි පිල අවසන් පූර්ව තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.