Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිල්ලි කැපිටල්ස් පිලට පහසු ජයක්

දිල්ලි කැපිටල්ස් පිලට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 53 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (4 වැනිදා) පැවැත්වෙන තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ ඕවර 16.1 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ රිෂාබ් පාන්ට් පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉෂ් සෝධි ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි විය. ශ්‍රෙයාස් ගෝපාල් ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 119 ක් ලබාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට රාජස්ථාන් කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම පිටියෙන් ඉවත් කිරීමට දිල්ලි පන්දු යවන්නෝ සමත් වූ අතර ඉන් කඩුලු 3 කටම හිමිකම් කීමට ඉෂාන්ත් ශර්මා සමත් විය.

එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 35 ක් එක්වන විට මැද පෙළ කඩුලු 3 ක් දවාගත් අමීත් මිෂ්රා, රාජස්ථාන් කණ්ඩායම ලකුණු 65 කට කඩුලු 7 ක් ලෙස ඉතා අසීරු තත්වයකට ඇද දැමීය. ඉනිමේ 18 වැනි සහ 20 වැනි ඕවර යැවූ ටේ‍රන්ට් බෝල්ට් එහිදී තවත් කඩුලු 2 ක් බිඳහෙළමින් රාජස්ථාන් කණ්ඩායමේ පසු පෙළද අඩ පණ කළේය.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවීයෑම රාජස්ථාන් කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ යොවුන් පිතිකරු රියාන් පරාග් පන්දු 49 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.


රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 115
(ලයෑම් ලිවින්ස්ටෝන් 14, රියාන් පරාග් 50, අමීත් මිෂ්රා 17/3, ඉෂාන්ත් ශර්මා 38/3, ටේ‍රන්ට් බෝල්ට් 27/2)

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම - ඕවර 16.1 කදී කඩුලු 5 ක් දැවී 121
(ශිකර් ධවාන් 16, ශ්‍රෙයාස් අයියර් 15, රිෂාබ් පාන්ට් නොදැවී 53, ඉෂ් සෝධි 26/3, ශ්‍රෙයාස් ගෝපාල් 21/2)

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි

-036

 


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.