Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිල්ලි - චෙන්නායි අවසන් වටයට

දිල්ලි - චෙන්නායි අවසන් වටයට

Nisanka Sandeepani - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 49 ක් අවසන් වන විට ශියාස් අයියර් නායකත්වය දරණ දිල්ලි කැප්ටල්ස්  සහ ඉන්දීය පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා සිටිති. 
 
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින දිල්ලි පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර තරගය අද (01) රාත්‍රීයේ පැවැත්වේ. 
 
මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රසාද ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටිය ද සිවුදෙනාගේ වටයට ස්ථිර වී නොමැත. මුම්බායි, හයිද්‍රාබාද්, කොල්කටා සහ පන්ජාබ් යන කණ්ඩායම්වලට තරග දෙක බැගින් ඉතිරිව ඇති අතර එම තරගවල ප්‍රතිඵල අනුව ඉතිරි කණ්ඩායම් දෙක තීරණය වේ. 
 
ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙන්ම ඉන්දීය පිලේ නායකයා වන විරාට් කෝලි විසින් මෙහෙයවනු ලබන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් දෙක මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී සිටිති. 
 
 පළමු වටයට තරග 56 ක් ඇතුළත් වන අතර ඒ අනුව තවත් තරග හතක් පමණක් ඉතිරිව තිබේ. 
 
 
 
- 048

අදහස් (0)

දිල්ලි - චෙන්නායි අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.