Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තෙන්ඩුල්කාර් ක‍්‍රිකට් පිටියෙන් සමුගනී

තෙන්ඩුල්කාර් ක‍්‍රිකට් පිටියෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

මුම්බාහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඊයේ (16) අවසන් වූ ටෙස්ට් තරගයේදී ලෝක ටෙස්ට් සහ එක්දින ඉතිහාස පොතට පරිච්ජේද රැසක් එක්කළ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත්තේය.


සචින් තෙන්ඩුල්කාර්ගේ 200 වැනි ටෙස්ට් තරගය වූ මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 126 ජයක් ලැබූ ඉන්දියාව 2-0 ක් ලෙස තරගාවලියේ ද ජය ලැබීය.


ටෙස්ට් තරග 200 කට සහභාගි වූ ලෝකයේ පළමු ක‍්‍රීඩකයා වන තෙන්ඩුල්කාර්, ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් වැඩිම ලකුණු ලාභියා මෙන්ම අන්තර්ජාතික ශතක 100 ක් සම්පූර්ණ කරමින් එවැනි දස්කමක් දැක්වූ පළමු ක‍්‍රීඩකයා බවට ද පත්විය. එයට ටෙස්ට් ශතක 51 ක් සහ එක්දින ශතක 49 ක් ඇතුළත් වේ.


තෙන්ඩුල්කාර් (නොදැවී 200) අන්තර්ජාතික එක්දින ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය රැස්කළ ක‍්‍රීඩකයා ලෙස ද නොමැකෙන සටහනක් තැබූ ක‍්‍රීඩකයා වේ. තෙන්ඩුල්කාර් 2010 වසරේ පෙබරවාරි 24 වැනිදා දකුණු අප‍්‍රිකාවට එරෙහිව එම ලකුණු 200 රැස් කළේය.


තෙන්ඩුල්කාර් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 200 කදී ලකුණු 15,921 ක් රැස්කර සිටියේය. 40 හැවිරිදි දකුණත් සුපිරි පිතිකරු තෙන්ඩුල්කාර් එක්දින අන්තර්ජාතික තරග 463 කදී ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සමගින් ලකුණු 18,426 ක් රැස්කර තිබේ. 


වයස 16 පසු වෙද්දී 1989 වසරේ පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී ටෙස්ට් වරම් ලැබූ තෙන්ඩුල්කාර් වයස 14 දී විනෝද් කම්ලි සමග එක්ව පාසල් තරගයකදී ලකුණු 664 ක සම්බන්ධතාවක් පවත්වමින් ලෝක වාර්තාවක් පිහිටුවමින් ලෝක අවධානය දිනා ගැනීමට සමත් විය.

 

- 048


අදහස් (10)

තෙන්ඩුල්කාර් ක‍්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.