බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (13 දා) තෙවැනි තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්විය.
පළමු තරග දෙකම පරාජයට පත්ව සිටි එංගලන්ත කණ්ඩාය්ම බාබඩෝර්ස් හි පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 165 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ මයිකල් ලම්බ් පන්දු 40 කදී ලකුණු 63 ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් සහ හතරේ පහර නවයක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. ලම්බ් සමග ආරම්භක කඩුල්ලට ලකුණු 98 ක සබඳතාවක් එක් කළ ඇලෙක්ස් හේල්ස් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 38 ක් ලබා ගත්තේය.
අවසන් පන්දුවාරයේදී කොදෙව් කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 15 ක් ලබා ගත යුතුව තිබුණද එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි. තරගාවලියේ වීරයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමි නම් කෙරුණු අතර තෙවැනි තරගයේ වීරයා ලෙස එංගලන්තයේ ක‍්‍රිස් ජෝර්ඩන් නම් කෙරුණි. ඔහුගේ පන්දුවාර හතර තුළදි ලකුණු 39 කට කඩුලූ 3 ක් දවාගත් අතර පන්දුවට පහර දෙමින් පන්දු 9 කදී හයේ පහර හතරක් සමග නොදැවී ලකුණු 27 ක්ද ලබා ගැනීමට සමත් විය.
කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලූ 5 ලකුණු 67 ක්ව තිබියදී බිද වැටුණු අතර එහිදී ලෙන්ඞ්ල් සිමන්ස් සහ දිනේෂ් රැම්ඞීන් හය වැනි කඩුල්ල සඳහා ලකුණු 73 ක සබඳතාවක් එක් කරමින් කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය ආසන්නට රැගෙන යෑමට සමත් වූහ. සිය විස්සයි විස්ස ක‍්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගත් සිමන්ස් පන්දු 55 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් එල්ල කරමින් ලකුණු 69 ක් වාර්තා කළේය. රම්ඞීන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 33 ක් ලබා ගත්තේය.
එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 6ට ලකුණු 165 යි.
(මයිකල් ලම්බ් 63, ඇලෙක්ස් හෙල්ස් 38, ක‍්‍රිස් ජෝර්ඩන් නොදැවි 27, ක‍්‍රිෂ්මර් සන්ටොකි 27/2, ෂෙල්ඩන් කොටේරල් 37/2 යි.)
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 20 කදී කඩුලූ 7ට ලකුණු 160 යි.
(ලෙන්ඞ්ල් සිමන්ස් 69, දිනේෂ් රම්ඞීන් 33, ජෝර්ඩන් 39/3, බොපරා 28/2 යි.)
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.