Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායම, ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පෙළ තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ශූරයන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමේ. තරගාවලියේ අනුශූරයන්ට රුපියල් ලක්‍ෂ 5 ක මුදලක් පිරිනැමීමට නියමිතය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය හදිසියේ අවලංගු වීම හේතුවෙන් අහිමි වූ පළමු පෙළ තරග වෙනුවට මෙම තුන්කොන් තරගාවලිය සංවිධානය කෙරේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායම යයි නම් කෙරුණද එය ජාතික කණ්ඩායමට වෙනත් නමක් පමණි. ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල දිනේෂ් චන්දිමාල් විසින්ම මෙහෙවනු ලබන අතර වයස 23 න් පහළ කී‍්‍රඩකයන් බහුතරයකින් සමන්විත සංවර්ධන සංචිත කණ්ඩායම මෙහෙයවීමට ළහිරු තිරිමාන්න පත්කර තිබේ.
ග‍්‍රැහැම් ෆෝඞ්, රොමේෂ් කළුවිතාරණ සහ සුමිත‍්‍ර (චාලි) වර්ණකුලසූරිය යන මහත්වරු ඒ ඒ කණ්ඩායම් වල පුහුණුකරුවන් වශයෙන් කටයුතු කරන අතර මයිකල් ද සොයිසා, ජයන්ත සෙනෙවිරත්න සහ කමල් ධර්මසිරි යන මහත්වරු කණ්ඩායම් කළමණාකරුවෝ වෙති.
පළමු පෙළ තුන්කොන් තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර එම තරගාවලිය අවසානයේදී එක්දින තරග දෙකක් හෝ තුනක් පැවැත්වීමටද නියමිතය. නොවැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමට මුහුණ දීමට පෙර මෙම එක්දින තරගවලිය පැවැත්වීමට නියමිතය.
සෑම තරගයකම වීරයාට රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර තරගාවලියේ වීරයාට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
තරග කාලසටහන
ඔක් 8 - 11 : ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහ සංවර්ධන සංචිත කණ්ඩායම අතර පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී
ඔක් 14 - 17 : සංවර්ධන සංචිත කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී
ඔක් 21 - 24 : ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.