ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් 2012 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ශ්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්. එල්. පී. එල්.) තමන් මුදලට තරග පාවාදුන් බවට බංග්ලදේශ පිලේ හිටපු නායක මොහොමඞ් අෂ්රාෆුල් කළේ යැයි කියන හෙළිදරව්වේ වාර්තාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලබාදෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
බංග්ලාදේශ ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදුන්නේ යැයි චෝදනා ලද අෂ්රාෆුල්ට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් වසර 8 ක් දක්වා කි‍්‍රකට් තරග තහනමක් පනවනු ලැබ තිබිණ.
එහෙත් මුදලට පාවාදුන්නේ යැයි කියන එස්. එල්. පී. එල්. තරගය (‘රුහුණු රෝයල්ස්’ පිල සහ ‘වයඹ යුනයිටඞ්’ පිල අතර) පිළිබදව කිසිදු පියවරක් නොගන්නා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් කළ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මොහොමඞ් අෂ්රාෆුල් මෙම සිදුවීමේ සාක්කිකරුවකු බවට පත්කරගෙන තිබේ.
අශ්රෆුල්ට පනවා තිබූ වසර 8 ක තරග තහනම වසර 5 කට අඩුකළ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, ශී‍්‍ර ලංකාවේදී පැවති එස්. එල්. පී. එල්. තරගාවලියේ සියලූම විස්තර අශ්රාෆුල්ගෙන් ලබාගෙන තිබේ. ශී‍්‍ර ලංකාවේදීත් මුදලට තරග පාවාදී ඇති බව අනාවරණය වීඇත්තේ මෙම අවස්ථාවේදීය.
මෙම තොරතුරු අන්තර්ජාතික කි‍්‍රකට් බලධාරීන්ට සැපවූ අශ්රාෆුල්ට වසර 2016 අගෝස්තු මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී නැවතත් තරගකාරී කි‍්‍රකට් පිටියට පිවිසිය හැකිය.
”මා කළ වරදට දඬුවම් ලැබිය යුතුව තිබුණා. ඒත් මේ ඇති”
”මට ඕනෑ කළේ මගේ තහනම අඩුකරගන්නයි. දැන් මට සතුටුයි..මට නැවතත් කී‍්‍රඩා කළෑකි” යයි මොහොමඞ් අශ්රාෆුල් පසුගිය සැප්තැම්බර් මාසයේදී රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.
එස්. එල්. පී. එල්. තරගාවලියේදී අෂ්රාෆුල් නියෝජනය කළේ ‘රුහුණු රෝයල්ස්’ පිලයි. ‘වයඹ යුනයිටඞ්’ පිලට එරෙහිව 2012 වසරේ අගෝස්තු මස 26 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මෙම සිද්ධිය වූ බව අශ්රාෆුල් පවසා තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ මෙවැනි සිද්ධියක් සුළු කොට තැකිය නොහැකි බවත් ඒ හේතුවෙන් අෂ්රාෆුල් කළේ යැයි කියන හෙළිදරව්ව පිළිබද වාර්තාව තමන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටි බවත්ය.
”මෙවැනි සිද්ධියකට අෂ්රාෆුල් පමණක් සම්බන්ධ යැයි අපිට කියන්න බෑ. ඒ නිසා එහි වාර්තාව අපිට ලැබිය යුතුය. එසේ නොමැතිව මේ පිළිබදව කටයුතු නොකර සිටීමට අපිට එකඟ වෙන්න බෑ” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අශ්රෆුල්ගේ චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු නොකිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නොවැම්බර් මස රැස්වීමේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා එකග වී තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා එසේ එකග වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට දැනුම් දීමකින් තොරවය.
ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා මේ සදහා එකඟතාව පළකර ඇත්තේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරියකුගේ බලපෑම මත බවද වාර්තා වේ. එසේ එකඟතාව පළකිරීමෙන් මෙම ගැටලූව වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත්වූ බව ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු කියති.
ඒ සදහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නීති කමිටුවේ සහ විධායක කමිටුවේ අනුමැතිය නොලැබුණු බව ද වාර්තා වේ. පසුගිය 30 වැනිදා පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේදී ක‍්‍රිකට් සභාපතිවරයා මේ පිළිබදව දැනුවත් කරමින් කරුණු පැහැදිළි කළ බවද දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.