Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසර පළමු 5 අතරට එයි

තිසර පළමු 5 අතරට එයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති විස්සයි20 තරගයෙන් පසුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් විස්සයි20 ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කිරීමේදී තුන් ඉරියව් ක්‍රිඩකයින් අතර 5 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණීමට තිසර පෙරේරා සමත්ව සිටී.  නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගයේදී කඩුල්ලක් දවාගත් තිසර පෙරේරා පන්දු 24 කදී ලකුණු 43 ක් රැස්කරමින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ ස්ථාන 8 ක් ඉහළට පැමිණෙමින් 31 වැනි ස්ථානයේ රැඳී සිටි.

ඉනිම ආරම්භයේදී නවසීලන්ත කණ්ඩායම ආගාධයට ඇද දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ස්ථාන 10 ක් ඉදිරියට පැමිණෙමින් විස්සයි-20 පන්දු යවන්නන් අතර 53 වැනි ස්ථානය දක්වා පැමිණි අතර කසුන් රාජිත ස්ථාන 21 ක් ඉදිරියට පැමිණෙමින් 167 වැනි ස්ථානයට පැමිණියේය. නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලසිත් මාලිංග කඩුලු 2 ක් දවාගත් සහ කසුන් රාජිත කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූහ.

ලකුණු 23 ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා ස්ථානයක් ඉහළට පැමිණ, පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අතරේ 23 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව විස්සයි20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර ඉහළින්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ කුසල් ජනිත් පෙරේරාය.

 


අදහස් (0)

තිසර පළමු 5 අතරට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.