අන්තර් ජාතික කි‍්‍රකට් සභාව විසින් නිවේදනය කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ඇතුලත්වී සිටිති.
අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ, කි‍්‍රකට් කමිටු සභාපතිවරයා මෙන්ම ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයකු වන අනිල් කුම්බල්ගේ නායකත්වයෙන් යුත් තේරීම් කමිටුවක් මගින් වසරේ එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් වලට කී‍්‍රඩකයන් තෝරාගැනීම කර තිබේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුමාර් සංගක්කාර සහ වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ඉකුත් වසරේ ඔවුන් ලද ස්ථාන මේ වසරේදීත් රැුකගනිද්දී, ආරම්භක පිතිකරු තිලකරන්න ඩිල්ෂාන් නැවතත් අන්තර්ජාතික කණ්ඩායමට එක්වී තිබේ.
කෙසේ වුවත් වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත්වීමට කිසිදු ශ්‍රී ලංකික කී‍්‍රඩකයකු සමත්වී නොතීබීම කැපීපෙනෙන සිදුවීමක් වන අතර ඊට හේතුවී තිබෙන්නේ මේ වසර තුළදී ශ්‍රී ලංකාව සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 3 කට පමණක් වීමයි.
එක්දින කණ්ඩායමේ නායකත්වය, ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිටත්, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක්ටත් හිමිවී තිබේ. දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඬේල් ස්ටේන් පිට පිට 6 වැනි වරටත් වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්වී සිටින අතර ඔහුගේ කණ්ඩායම් සගයකු වන හෂීම් අම්ලා ඊට ඇතුළත්වී සිටින්නේ පිට පිට සිව්වැනි වරටයි.
ඉකුත් වසර දෙකේදී මෙන්ම මේ වසරේදීත් වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක්ට හිමිවීමද සුවිශේෂී සිදුවීමකි.
වසරේ එක්දින කණ්ඩායම
තිලකරන්න ඩිල්ෂාන්, ශිකර් ධවාන්, හෂීම් අම්ලා, කුමාර් සංගක්කාර, ඒ. බී. ඩිවිලියර්ස්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), රවින්ද්‍ර ජඬේජා, සයිඞ් අජ්මාල්, මිචෙල් ස්ටාක්, ජේම්ස් ඇන්ඩර්සන්, ලසිත් මාලිංග සහ මිචෙල් මැක්ලෙනගන් (12 වැනි කී‍්‍රඩකයා)
වසරේ ටෙස්ට් කණ්ඩායම
ඇලෙස්ටෙයාර් කුක් (නායක), චෙටේෂ්වර් පුජාරා, හෂීම් අම්ලා, මයිකල් ක්ලාර්ක්, මයිකල් හසී, ඒ. බී. ඩිවිලියර්ස්, එම්. එස්. දෝනි, ග‍්‍රැහැම් ස්වෝන්, ඬේල් ස්ටේන්, ජේම්ස් ඇන්ඩර්සන්, වර්නන් ෆිලෙන්ඩර් සහ ආර්. අෂ්වින් (12 වැනි කී‍්‍රඩකයා)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.