Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජෙෆ්රි පාකිස්තානය ලකුණු 247 ට සීමාකරයි

ජෙෆ්රි පාකිස්තානය ලකුණු 247 ට සීමාකරයි

Dilrukshi - 2015 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේගේ අගනා පන්දු යැවීම නිසා පාකිස්තානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භ වූ තුන්දින තරගයේදී පාකිස්තානු පිල ලකුණු 247 කට සීමා කිරීමට සත්කාරකයෝ සමත් වූහ. දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුල්ලක් දැවී ලකුණු 44 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් පාකිස්තානු පිලේ කඩුලූ දෙකක් ලකුණු 39 කට දැවී ගියේය. එම අවස්ථාවේදී එක්වූ යුනිස් ඛාන් (64) සහ අහමඞ් ශෙෂාඞ් (82) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක් එක්කරමින් පාකිස්තානු පිල හිස ඔසවාගත හැකි තැනකට කැඳවාගෙන ආ නමුත් තුන්වැනි කඩුල්ල බිඳ වැටීමත් සමගම ග‍්‍රහණය දැඩිකළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ පාකිස්තානු පිලේ අවසන් කඩුලූ 8 ම ලකුණු 91 ක් තුළදී බිඳ දැමූහ.

ආරම්භක පිතිකරු අහමඞ් ෂෙශාඞ්, විනාඩි 207 ක් පුරා පන්දුවට පහර දෙමින් ලකුණු 82 ක් ලබාගත්තේ හතරේ පහර 10 කින්  සහ හයේ පහරකින් එය සරසමිනි. පන්දු 78 කට මුහුණ දී ලකුණු 64 ක් ලබාගත් යුනිස් ඛාන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි ජෙෆ්රි වැන්ඩසේ සීදුව රද්දොළුව කි‍්‍රකට් සමාජය සහ මුවර්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කිරීමෙන් පසුව එස්. එස්. සී. පිලට එක්විය.

කුඩා සිරුරකින් යුත් වැන්ඩසේ, දිගු කලකට පසුව පළමු පෙළ තරගයක් සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලට එක්වූ සම්මත ආකාරයේ පා ද`ග පන්දු යවන්නකු විය. 21 වැනි  ඕවරයේදී පන්දු යැවීම ආරම්භ කළ වැන්ඩසේ මනා පාලනයකින් යුතුව පන්දු යැවූ අතර පන්දු රකින්නන්ගෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබිණ. විශේෂයෙන්ම මිස්බා උල් හක්ගේ කඩුල්ල වැන්ඩසේට අත්කරදීම සඳහා කසුන් රාජිත රැුකගත් උඩපන්දුව අති විශිෂ්ට ගණයේ එකක් විය.

උස කී‍්‍රඩකයකු වන රාජිත ‘මිඞ්  ඕන්’ හි පන්දු රකිමින් සිටියදී ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවකට මිස්බා ගැසූ පහරකින් පන්දුව ඉහළින් ඇදී යද්දී කල්යල් බලා ඉස්බක් ඉහළට පැනගත් රාජිත තම හිසට ඉහළින් පියාඹා යන පන්දුව ඩැහැගත්තේය. රාජිතගේ මෙම විශිෂ්ට පන්දු රැුකීම හේතුවෙන් පාකිස්තානු නායකයාට ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි.

තේ පානය දක්වා කඩුලූ රැුකීමේ යෙදී සිටි දිනේෂ් චන්දිමාල් තේ පානය අතරතුරේදි සිය කඩුලූ රැකීමේ අත් ආවරණ නිරෝෂන් දික්වැල්ලට බාර කළ අතර වැන්ඩසේගේ පන්දුවක් හමුවේ අසාඞ් ශාෆික් ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමට දැක්වැල්ලට හැකිවිය.

පුහුණු තරගයක් වන හෙයින් මෙම තරගයේදී නියමිත කී‍්‍රඩකයන් 11 දෙනකු නොවන අතර සංචිතයේ සිටින සෑම කී‍්‍රඩකයකුටම අවස්ථාව දීම දෙපිලේ නායකයන්ගේ එක`ගතාව වෙයි.

 


අදහස් (0)

ජෙෆ්රි පාකිස්තානය ලකුණු 247 ට සීමාකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.