Last Update  :  2024-05-08 16:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චෙන්නායි පිල අවසන් මහ තරගයට

චෙන්නායි පිල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී අද (10 වැනිදා) පැවැති දෙවැනි සුදුසුකම් ලබාගැනීමේ තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ලබන 12 වැනිදා පස්වරු 7.30 සිට හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි කණ්ඩායම තරග වැදීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ ඕවර 19 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කයක පසුකර ගියහ. එහිදී අම්බටි රයිඩු නොදැවී ලකුණු 20 ක්ද, ඞ්වේන් බ්‍රාවෝ නොදැවී ලකුණු 4 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.  

ආරම්භක පිතිකරුවන් වූ ෆෆ් ඩුප්ලෙසි (50) සහ ෂේන් වොට්සන් (50) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 81 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 39 කදී වාර්තා වූ ඩුප්ලෙසිගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ වොට්සන්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් ලබාගත් අතර දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රිෂාබ් පාන්ට් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය. කොලින් මුන්රෝ පන්දු 24 කදී ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 18 ක් ලබා සිටියදී දැවී ගියේය.
කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඞ්වේන් බ්‍රාවෝ, රවින්ද්‍ර ජදේජා, දීපක් චාහර් සහ හර්බජාන් සිං කඩුලු 2 බැගින් දවාගනිමින් දිල්ලි පිතිකරුවන් පීඩනයට පත්කළහ.


දිල්ලි කැපිටල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 147
(ශිකර් ධවාන් 18, කොලින් මුන්රෝ 27, රිෂාබ් පාන්ට් 38, ඞ්වේන් බ්‍රාවෝ 19/2, රවින්ද්‍ර ජදේජා 23/2, දීපක් චාහර් 28/2, හර්බජාන් සිං 31/2)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම - ඕවර 19 කදී කඩුලු 4 කට 151
(ෆෆ් ඩුප්ලෙසි 50, ෂේන් වොට්සන් 50, අම්බටි රයිඩු නොදැවී 20)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි.

- 036


අදහස් (0)

චෙන්නායි පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.