Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරිලාගේ සුපර්නෝවා පිලට ලකුණු 12 ක ජයක්

චමරිලාගේ සුපර්නෝවා පිලට ලකුණු 12 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සි20 අභියෝග ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස වෙලෝසිටි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන සුපර්නෝවා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය වෙලෝසිටි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි. වෙලෝසිටි ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 53 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට නායිකා මිතලි රාජ් (නොදැවී 40) සහ වේදා ක්‍රිෂ්ණමූර්ති (නොදැවී 30) සමත් වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔවුන්ට නොහැකි වූහ.

පන්දු 42 කදී වාරත් වූ මිතලි රාජ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ වේදා ක්‍රිෂ්ණමුර්තිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. තෙවැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ඩැනියෙල් වයට් පන්දු 33 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 142 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජෙමියා රොඩි්‍රගස් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කිරීමට සමත් වූවාය.

ආරම්භක පිතිකාරිණි චමරි අතපත්තු (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජෙමියා රොඩ්‍රිගුස් සමත් වූ අතර පන්දු 38 කට මුහුණදුන් චමරි හතරේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කළාය.

 

සුපර්නෝවා පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 142
(ප්‍රියා පුනියා 16, චමරි අතපත්තු 31, ජෙමියා රොඩ්‍රිගුස් නොදැවී 77, ඇමීලියා කේර් 21/2)

වෙලෝසිටි පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 130
(ඩැනියෙල් වයට් 43, මිතලි රාජ් නොදැවී 40, වේදා ක්‍රිෂ්ණමුර්ති නොදැවී 30)

 

-036

 


අදහස් (0)

චමරිලාගේ සුපර්නෝවා පිලට ලකුණු 12 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.