Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරි සුපර්නෝවා පිලට එක්වෙයි

චමරි සුපර්නෝවා පිලට එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සමගාමීව ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝග ක්‍රිකට් තරගාවලියේදී හර්මන්ප්‍රීත් කෞර් නායකත්වය දරණ ‘සුපර්නෝවා ’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුට හිමිව තිබේ.

කණ්ඩායම් 3 ක් අතර මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඊට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් දෙක වන්නේ ‘වෙලෝසිටි’ සහ ‘ට්‍රේල්බ්ලේසර්ස්’ය. ඉන්දීය කණඩායමේ හිටපු නායිකා මිතලි රාජ් සහ ආරම්භක පිතිකාරිණි ස්මිත්‍රි මන්ධනා පිළිවෙලින් එම කණ්ඩායම් දෙකේ නායිකාවෝ ලෙස කටයුතු කරති.

ඉකුත් වසරේදී (2018) පැවැති මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩිකාවන් ලෙස සහභාගි වූයේ එංගලන්ත, ඕස්ටේ්‍රලියානු සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් පමණක් වුවත්, මේ වසරේදී ඊට බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ද එක්කර ගැනීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

ඒ අනුව චමරි අතපත්තුට අමතරව නවසීලන්ත ක්‍රීඩිකාවක වන ඇමිලියා කේර්, සුසී බේට්ස්, සොෆී ඞ්වේන් සහ ලියා ටහූහූද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් වන ශකීරා සෙල්මාන්, ස්ටැෆ්නි ටේලර් සහ හේලි මැතිව්ස්ද, එංගලන්ත ක්‍රීඩිකාවන් වන ඩැනියෙල් වයිට්, නතාලී ෂීවර් සහ සොෆී එක්ලෙස්ටෝන්ද, බංග්ලාදේශ ක්‍රීඩිකාවක වන ජහනරා අලාම්ද මෙවර තරගාවලියට එක්ව සිටිති.

කෙසේ වුවත් ඉකුත් වසරේ පැවැති තරගාවලියට සහභාගි වූ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවන් වන එලීසා හීලි, බෙත් මූනි, මෙග් ලැනිං, එලීස් පේරි සහ මේගන් ෂූට් යන ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩිකාවන් සිවුදෙනා බැගින් ඇතුළත්ව සිටින අතර තරගාවලිය මේ මස 6 වැනි සිට 11 වැනිදා දක්වා ජායිපූර්හි සවායි මාන්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


තරගාවලියට සහභාගිවන කණ්ඩායම්

‘සුපර්නෝවා’ කණ්ඩායම
හර්මන්ප්‍රීත් කෞර් (නායිකා), අනූජා පටේල්, අරුන්දතී රෙඞ්ඩි, චමරි අතපත්තු (ශ්‍රී ලංකාව), ජෙමීමා රොද්‍රිගුවස්, ලීයා ටහූහූ (නවසීලන්තය), මාන්සි ජෝෂි, නටාලී සීවර් (එංගලන්තය), පූනම් යාදව්, ප්‍රියා පූනියා, රාධා යාදව්, සොෆී ඩිවයින් (නවසීලන්තය), ටානියා භාතියා සහ ඩබ්ලිව්.වී. රාමන් මහතා (පුහුණුකරු)

‘වෙලෝසිටි’ කණ්ඩායම
මිතලි රාජ් (නායිකා), ඇමිලියා කේර් (නවසීලන්තය), ඩැනියෙල් වයට් (එංගලන්ත), දේවිකා වෛද්‍යා, එක්තා බිෂ්ට්, හේලි මැතිව්ස් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), ජහනාරා අලාම් (බංග්ලාදේශය), කෝමල් සාන්සාද්, ශෆාලි වෙර්මා, ශීඛා පාණ්ඬේ, සුෂ්මා වෙර්මා, සුශ්‍රී දිබ්යදර්ශිනී, වේදා ක්‍රිෂ්ණමූර්ති සහ මෙම්තා මබීන් (පුහුණුකරු)

‘ට්‍රේල්බ්‍රේසර්ස්’ කණ්ඩායම
ස්මිත්‍රි මන්දනා (නායිකා), භාර්තී ෆල්මාලි, දයාලන් හේමලතා, දීප්ති ශර්මා, හර්ලීන් ඩූල්, ජෙසිකා අක්තර්, ජුලාන් ගෝස්වාමි, ආර්. කල්පනා, රාජේෂ්වරී ගයක්වාද්, ශකීරා සෙල්මාන් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), සොෆී එක්ලෙස්ටෝන් (එංගලන්තය), ස්ටැෆ්නි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), සුසී බේට්ස් (නවසීලන්තය) සහ බීජූ ජෝජ් (පුහුණුකරු)  


-036

 


අදහස් (0)

චමරි සුපර්නෝවා පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.