Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Nisanka Sandeepani - 2017 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට වැළඳී ඇති වෛරස් උණ හේතුවෙන් ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමී යනු ඇතැයි වාර්තා වේ.

අසනීප තත්වය හේතුවෙන් ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවටද දිනේෂ් චන්දිමාල් සහභාගී නොවූ අතර ඒ සදහා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් හී නායක උපුල් තරංග සහභාගී විය. 

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා නොකළහොත් කණ්ඩායමේ නායකත්වය සීමිත ඕවර නායක උපුල් තරංගට හෝ හිටපු ටෙස්ට් නායකයකු වන රංගන හේරත්ට පැවරීමට තේරීම් කමටු නිලධාරීහු බලාපොරොත්තුව සිටිති. 

ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු රැස්වීමක් දැන් පැවැත්වෙන අතර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවට එරෙහිව වන බැවින් වඩාත් පළපුරුදු ටෙස්ට් ක්‍රීඩකයකුගේ සේවය කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. 

රංගන හේරත් ටෙස්ට් තරග 81 කදී කඩුලු 384 ක් දවාගෙන තිබේ. උපුල් තරංග ටෙස්ට් තරග 28 කදී ලකුණු 1666 ක් ලබා ඇත. ඔහු ලබා ඇති ශතක සංඛ්‍යාව 3 කි. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ලබන 26 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 

 


අදහස් (0)

චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.