Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෞෂාල්ගෙන් (101) ධෛර්යවත් ශතකයක්

කෞෂාල්ගෙන් (101) ධෛර්යවත් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පළමු ටෙස්ට් තරගය දින කිහිපයක් මෑතින් තිබියදී ඒ වෙනුවෙන් කදිම පෙරහුරුවක් ලබාගත් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා (101) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන තුන්දින පෙරහුරු තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව ශතකයක් ලබාගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ අද  (12 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබාසිටියේය.

සුපුරුදු පරිදි හීන් සීරුවේ ලකුණු ලබාගත් කෞෂාල් දැවී ගියේ 8 වැනි පිතිකරුවා ලෙසිනි. පැය හයක පමණ කාලයක් පිටියේ රැඳී සිටි කෞෂාල් හතරේ පහර 9 කින් සිය ඉනිම සැරසූවද වඩාත් වැදගත් වූයේ ඔහු ඉදිරි පෙළ පිතිකරුවන් සමග එක්ව කඩුලූ අතර සම්බන්ධතා ගොඩනගමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 4 කට 217 ක් දක්වා ගෙන ඒමයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ලකුණු 217 ක් ලබා සිටියදී යුනිස් ඛාන් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් මිලින්ද සිරවර්ධන පිටියෙන් ඉවත්ව යාමත් සමග සභාපතිවරයාගේ ඉනිමේ කඩාවැටීම ඇරඹිණ.

පිටියට පැමිණ මුහුණ දුන් පළමු පන්දුවේදීම ස්වීප් පහරක් ගැසීමට උත්සුක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගිය අතර වැඩි විරෝධයක් දැක්වීමට අවසර නොදී සභාපතිගේ පිලේ පසුපෙළ පිතිකරුවන් පිටියෙන් ඉවත් කිරීමට සුල්ෆිකාර් බාබර් සහ යසීර් ෂා සමත් වූහ.

වමතින් පා දග පන්දු යවන කී‍්‍රඩකයකු වන සුල්ෆිකාර්, තමන්ගේ උස මනාලෙස ප‍්‍රයෝජනයට ගනිමින් හොඳ ඉපිළීමක් ලබාගත් අතර යසීර් ෂාගෙන් ඔහුට අගනා සහයෝගයක් ලැබිණ.

කඩුලූ 6 ක් අතැතිව, පාකිස්තානු පිලේ ලකුණු 247 පෙනෙන තෙක් මානයේ සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට්  සභාපතිගේ පිලේ අවසන් කඩුලූ 6 ම ලකුණු 24 කට බිම දැමූ සුල්ෆිකාර් බාබර් (31/6) සහ යසීර් ෂා (45/2) දෙදෙනා සත්කාරයන්ගේ ඉනිම ලකුණු 241 කට සීමා කළහ.

පළමු ඉනිමේදී ලකුණු 6 ක සුළු වාසියක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් වූ නමුත්, පළමු පෙළ තරගයක්ද නොවන, මෙවන් පුහුණු තරගයකදී ඉතිරිව ඇත්තේ තවත් දිනයක් පමණක් හෙයින් එම මුල් ඉනිමේ වාසියෙන් එතරම් ඵලක් නොවේ.
හෙට තරගයේ අවසන් දිනයයි.


ලකුණු පුවරුව


අදහස් (0)

කෞෂාල්ගෙන් (101) ධෛර්යවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.