Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොල්කටා ලකුණු 34 කින් මුම්බායි පරදවයි

කොල්කටා ලකුණු 34 කින් මුම්බායි පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 47 වැනි තරගය ලෙස කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (28) රාත්‍රී පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩස් පිල ලකුණු 34 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කළේය.

මෙය කොල්කටා පිල මෙවර තරගාවලියේ තරග 12 කදී ලැබූ පස්වැනි ජයග්‍රහණය වන අතර ප්‍රසාද ලකුණු 10 ක් ලබා මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවෙයි.

ප්‍රසාද ලකුණු 14 ක් ලබා තුන්වැනි ස්ථානයේ සිටින මුම්බායි පිල මෙම තරගයෙන් ජය ලැබුවේ නම් පළමු ස්ථානයට පැමිණිමේ අවස්ථාව තිබුණි.  

ලකුණු 233 ක දැවැන්ත ඉලක්ක හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී රැස්කළ හැකිවුයේ ලකුණු 198 ක් පමණි.

හර්ද්‍රික් පාණ්ඩියා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34 කින් හතරේ පහර හයක් සහ හයේ පහර නවයක් සමගින් ලකුණු 91 ක් රැස්කළ ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

මුම්බායි පිලේ ආරම්භක පිතිකරුවන් වන කුවින්ටන් ඩි කොක් (0) සහ රෝහිත් ශර්මා (12) ලකුණු 21 ක් තුළ පිටියෙන් ඉවත්වීමෙන් මුම්බායි පිල අමාරුවේ වැටුණි.  

කොල්කටා පිල රැස්කළ ලකුණු 232 ක මෙවර තරගාවලියේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ. සන්රයිසස් හයිද්‍රාබාද් පිල පසුගිය මාර්තු 31 වැනිදා බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 231 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ ඉහළතම ඉනිමට මීට පෙර හිමිකම් කීය.  

ඇන්ද්‍රි රසල් නැවතත් වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් කොල්කටා පිල වඩාත් ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය. රසල් පන්දු 40 කින් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත් විය.

රසල්ගේ ඉනිම වර්ණවත් කළ හතරේ පහර හය සහ හයේ පහර අට මුම්බායි පන්දු යවන්නන් අසරණ කළේය.
ඉන්දීය යොවුන් පිතිකරු ෂුබ්මන් ගිල් පන්දු 45 කදී හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 76 ක් රැස්කිරීමට සමත් විය.  

කොල්කටා පිලේ විදේශ ක්‍රීඩක ඕස්ටේ්‍රලියානු පිතිකරු ක්‍රිස් ලීන් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 29 කින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය. ක්‍රිස් ලීන්ගේ ඉනිම හතරේ පහර අටකින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් විය.

කොල්කටා පිලේ ආරම්භක පිතිකරුවන් වූ ෂුබ්මන් ගිල් සහ ක්‍රිස් ලීන් පන්දු 57 කින් ලකුණු 96 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ගෙන ඒමට සමත් වූහ.

කොල්කටා පිලේ ආරම්භක පිතිකරු යුගළ පළමු ඕවර හයට ලකුණු 50 ක් රැස්කළේය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙහිදී ඕවර හතරට ලකුණු 48 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.

මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


කොල්කටා නයිට් රයිඩස් පිල ඕවර 20 කදී කඩුලු 2 ට 232
(ෂුබ්මන් ගිල් 76, ක්‍රිස් ලීන් 54, ඇන්ද්‍රි රසල් නොදැවී 80, දිනේෂ් කාර්තික් නොදැවී 15)

මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 198
(එවින් ලුවිස් 15, සූර්යකුමාර් යාදේව් 26, කරන් පොලාඞ් 20, හර්ද්‍රික් පාණ්ඩියා 91, කූනල් පාණ්ඩියා 24, සුනිල් නරීන් 44/2, ඇන්ද්‍රි රසල් 25/2, හැරී ගානි 37/2)   

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි

- 048


අදහස් (0)

කොල්කටා ලකුණු 34 කින් මුම්බායි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.