Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ කිංගස් XI පන්ජාබ් කණ්ඩායම් අතර චන්දිගාර්ත්හිදී අද (03 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට කොල්කටා පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල ඕවර 18 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල් පන්දු 49 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ගිල්ට අනගි සහයක් ලබාදුන් ක්‍රිස් ලයන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ 5 ක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් කොල්කටා පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමීය.

රොබින් උතප්පා ලකුණු 22 ක්ද ඇන්ඩි්‍ර රසල් ලකුණු 24 ක් සහ ඩිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 21 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ මැද පෙළ පිතිකරුවකුවූ සෑම් කරන් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ මයන්ක් අගර්වාල් සහ නිකලස් පූරාන් පන්දු 40 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පන්ජාබ් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

නිකලස් පූරාන් පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් රැස්කළ අතර මයන්ක් අගර්වාල් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් රැස්කිරීමට සමත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ සංදීප් වොරියර් සිය ඕවර 4 ලකුණු 31 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කිංගස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 183
(මයන්ක් අගර්වාල් 36, නිකලස් පූරාන් 48, මංදීප් සිං 25, සෑම් කරන් නොදැවී 55, සංදීප් වොරියර් 31/2)

කොල්කටා නයිට්රයිඩර්ස්  - ඕවර 18 කදී කඩුලු 3 ක් දැවී 185
(ශුබ්මාන් ගිල් නොදැවී 65, ක්‍රිස් ලයන් 46, රොබින් උතප්පා 22, ඇන්ඩි්‍ර රසල් 24, ඩිනේෂ් කාර්තික් නොදැවී 21)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (0)

කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.