Last Update  :  2024-05-08 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව් පිල දැවැන්ත ජයක් ලබයි

කොදෙව් පිල දැවැන්ත ජයක් ලබයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති තරගයෙන් ලකුණු 196 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (6 වැනිදා) සමත් විය.

පළමුවෙන් පන්දුවට පරදුන් කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 284 කදී ලකුණු 381 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට ජෝන් කැම්බල් (179) සහ ශායි හෝප් (170) සමත් වූහ. පන්දු 137 කට මුහුණදුන් කැම්බල්, හයේ පහර 6 කින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 152 කදී වාරත් වූ හෝප්ගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 22 කින් අලංකාර කළේය.

කැම්බල්ගේ සහ හෝප්ගේ සම්බන්ධතාව එදා මෙදා තුර එක්දින ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව මෙන්ම ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැති දෙවැනි හොඳම සම්බන්ධතාවද ලෙස වාර්තා අතරට එක්විය. ඕවර 47 ක් පුරා පන්දුවට පහරදීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම දැවී ගියේ බැරී මැකාතිගේ පන්දු හමුවේය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2018 වසරේ ජූලි මාසයේ පැවැති තරගයකදී පාකිස්තානයේ ඉමාම් උල් හක් (113) සහ ෆකාර් සමාන් (නොදැවී 210) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 304 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පළමු කඩුල්ල සඳහා පැවැති පැරණි වාර්තාව ගොඩනගා තිබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 383 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 34.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 185 ක් පමණි. අයර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කෙවින් ඕ’බ්‍රයන් පන්දු 77 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඈෂ්ලි නර්ස් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර අයර්ලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා නර්ස්ට අනගි සහායක් දුන් ශැනන් ගේබි්‍රයල් ලකුණු 44 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 382
(ජෝන් කැම්බල් 179, ශායි හෝප් 170, බැරී මැකාති 76/2)

අයර්ලන්ත පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 185
(ඇන්ඩෘ බැල්බීන් 29, කෙවින් ඕ’බ්‍රයන් 68, ගැරී විල්සන් 30, ඈෂ්ලි නර්ස් 51/4, ශැනන් ගේබි්‍රයල් 44/3)


-036

 


අදහස් (0)

කොදෙව් පිල දැවැන්ත ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.