Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කේ. පී. - සංගා එක්ක සරේ පිලට නත්තල්

කේ. පී. - සංගා එක්ක සරේ පිලට නත්තල්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියට සහභාගි වීම සඳහා කුමාර් සංගක්කාර සහ කෙවින් පීටර්සන් දෙදෙනා තම පිලට එක්වීම තමන්ගේ කණ්ඩායමට ”නත්තල උදාවීමක්” යයි එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායමේ නායක ගැරත් බැටී පවසයි.

කෙවින් පීටර්සන් සරේ  ඕවල් පිටියට පිවිස සිටින්නේ එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීම සඳහා තමන්ට ඇති අවස්ථාව නැවතත් ලබාගැනීමේ අටියෙනි. මේ වන විටත් අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් සීමිත ඕවර කි‍්‍රකට් පිටියෙන් සමුගෙන සිටින කුමාර් සංගක්කාර සරේ පිල වෙනුවෙන් පළමු පෙළ තරග කී‍්‍රඩා කිරීම සඳහා වසර දෙකක ගිවිසුමක් අත්සන් කර තිබේ.

”කි‍්‍රකට් කී‍්‍රඩාවේ විශිෂ්ටයන් යැයි කිවහැකි කී‍්‍රඩකයන් වැඩිදෙනෙක් අප අතර නෑ. ඒත් අපි අතර දෙන්නෙක් සිටිනවා....ඒ කෙවින් සහ කුමාර්. ඒක අපේ කී‍්‍රඩා සමාජයට අති විශාල ශක්තියක්” යයි බී. බී. සී. පුවත් සේවයට ගැරත් බැටී පවසා තිබිණ.

කුමාර් සංගක්කාර සහ කෙවින් පීටර්සන් සරේ ප‍්‍රාන්ත කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් විග‍්‍රහයක යෙදෙන සරේ පිලේ හිටපු නායකයකු වන රෝරි හැමිල්ටන් බ‍්‍රවුන් පවසන්නේ මෙවන් කතාවකි.

”කලකට ඉස්සරවෙලා මිනිස්සු කිය කිය හිටපු කතාවක් තමයි එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩාව වඩාත් හොඳ වෙන්න නම් සරේ කණ්ඩායම ශක්තිමත් විය යුතුයි කියන එක. මම ඒ කතාවත් එක්ක එකගයි..ඔවුන් දැන් කටයුතු කරමින් යන විදිහ දිහා බැලූවාම එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩාවේ මුදුනත කරා ඔවුන් යන බව මට පේනවා”

”ග‍්‍රැහැම් ෆෝඞ් වගේ විශිෂ්ට පුහුණුකරුවෙක් අරගෙන ඔවුන් ඉතාමත් හොඳ කී‍්‍රඩක පිරිසක් එක්කාසු කරගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම කණ්ඩායමේ තරුණ කී‍්‍රඩකයන් වැඩිපුර ඉන්නවා නම් සංගක්කාර වගේ කී‍්‍රඩකයෙක් එක්කර ගැනීම විශාල වශයෙන් වාසිදායක වෙනවා”

ඒ වගේ විශිෂ්ට කී‍්‍රඩකයෙක් කණ්ඩායමට එක්වුණාම එයින් ඇතිවන බලපෑම ඉතාමත් සුබවාදී එකක්” යයි රෝරි හැමිල්ටන් බ‍්‍රවුන් පවසා තිබිණ.

මේ වන විට 37 හැවිරිදි වියේ සිටින සංගක්කාර, අවශ්‍ය වුවහොත් සරේ ප‍්‍රාන්ත පිල වෙනුවෙන් කඩුලූ රැකීමේ වගකීමත් බාර ගැනීමට සූදානමින් සිටී. එහෙත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 හිමිකරගෙන සිටි සංගක්කාර එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය ලබා සිටියද නිමාවූ ලෝක කුසලාන තරගාවලියත් සමගින් එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගත්තේය.

ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තරග 4 කදී ශතක ලබාගත් ලොව පළමුවැනි පිතිකරුවා වශයෙන්ද සංගක්කාර ඉතිහාසයට එක්විය.

වසර 2014 මුලදී  ඕස්ටේ‍්‍රලියාවේ පැවැති අළු බඳුන තරගාවලියේදී එංගලන්ත පිල ලද අන්ත පරාජයට පසුව පීටර්සන් කණ්ඩායමෙන් නෙරපා හරින ලදි. එහෙත් එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ඉවත්ව යාමෙන් පසුව නැවතත් එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ අභිලාෂය ඇතිව සරේ පිලට එක්වූ පීටර්සන් සිය පළමු තරගයේදීම ඔක්ස්ෆර්ඞ් පිලට එරෙහිව ලකුණු 170 ක් ලබාගත්තේය.

සරේ ප‍්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ඇලෙක් ස්ටුවර්ට් පවසන්නේ සරේ කණ්ඩායම දෙවැනි පෙළ සිට පළමු පෙළ දක්වා ඉහළ නැංවීමට සංගක්කාරට සහ කෙවින් පීටර්සන්ට හැකියාව ඇති බවයි.


 


අදහස් (0)

කේ. පී. - සංගා එක්ක සරේ පිලට නත්තල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.