අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති සී.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අද (17 වැනිදා) අවසන්විය. ලකුණු අතරට නොපැමිණයේ යැයි පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ කුසල් මෙන්ඩිස් මූවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 177 ක් රැස්කිරීමට සමත්විය.
මූවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රිමෝෂ් පෙරේරා (121) ශතකයක් ලබාගත් අතර තරිඳු රත්නායක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තවත් තරග පහක් අද අවසන්වූ අතර එන්.සී.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූ අතර මූවර්ස්, රාගම සහ වරාය අධිකාරිය යන කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 95 ක ඉලක්කයක් හඹා ගිය බී.ආර්.සී. කණ්ඩායම ලකුණු 94 කට දැවීයාම හේතුවෙන් හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර තරගයේ ලකුණු සමවෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායමේ නායක මාලින්ද පුෂ්පකුමාර ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
අද අවසන්වූ තරග වලදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ශම්මු අශාන් (107) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 137), මූවර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රිමෝෂ් පෙරේරා (121) සහ සී.සී.සී ක්‍රීඩා සමාජයේ කුසල් මෙන්ඩිස් 177 ශතක රැස්කිරීමට සමත්වූහ.
ද්‍රවිඩ සංගම් පිලේ ප්‍රමෝද් ලියනගමගේ, එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ලසිත් ඇඹුල්දෙණිය, බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ සුරාජ් රංදීව්, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර, බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ හිමේෂ් රාමනායක, මූවර්ස් ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ නිසල තාරක කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.
එන්.සී.සී. සහ ද්‍රවිඩ සංගමය අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පිලට කඩුලු 10 ක ජයක්
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 19/2, චාමික කරුණාරත්න 19/2, ළහිරු කුමාර 21/2, ලසිත් ඇඹුල් දෙණිය 25/2)
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 75 කදී සියලුදෙනා දැවී ලකුණු 234
(ළහිරු උදාර 45, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 29, මහේල උඩවත්ත 38, තරිඳු කෞෂාල් 24, චාමික කරුණාරත්න 20, ළහිරු කුමාර 27, ප්‍රමෝද් ලියනගමගේ 69/5)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 67.1 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(දිනෙත් තිමෝද්‍ය 71, ජීවන් මෙන්ඩිස් 67, ශාලික කරුණානායක 25, ලසිත් ඇඹුල්දෙණිය 55/5, තරිඳු කෞෂාල් 86/4
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 10.5 කදී කිසිවකු නොදැවී ලකුණු 105
(සදුන් වීරක්කොඩි නොදැවී 52, ළහිරු උදාර නොදැවී 51)
එස්.එස්.සී. සහ සැරසන්ස් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පිලට කඩුලු 7 ක ජයක්
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 94 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 444
(ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන නොදැවී 137, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර නොදැවී 39)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 61 කදී සියලුදෙනා දැවී ලකුණු 238
(මොහොමඞ් ජලීල් 25, ඇන්ඩි සොලමන් 27, හර්ෂ කුරේ 90, කවිඳු නිර්මාල් 21, සචිත්‍ර පෙරේරා 33, ධම්මික ප්‍රසාද් 66/4, විමුක්ති පෙරේරා 45/2, ජෙෆ්රි වැන්ඩසේ 80/2)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 71.3 කදී සියලුදෙනා දැවී ලකුණු 258
(මොහොමඞ් ජලීල් 58, ගමිඳු අමරසිංහ 42, ප්‍රමෝද් මධුවන්ත 63, රිස්වාන් හේඩර් 33, ජෙෆ්රි වැන්ඩසේ 74/4, විමුක්ති පෙරේරා 24/2, මිලින්ද සිරිවර්ධන 48/2)
එස්.එස්.සී. - දෙවැනි ඉනිම - ඕවර 6.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 55
(ශම්මු අශාන් නොදැවී 31, සාලිය සමන් 33/2
හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් - බී.ආර්.සී. තරගයේ ලකුණු සමවෙයි
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 87.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(සචිත්‍ර සේරසිංහ 63, ඕෂධ ප්‍රනාන්දු 47, මාලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දාමෝදරන් 23, සුරාජ් රංදීව් 90/6, චාමිකර එදිරිසිංහ 72/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 81.1 කදී සියලුදෙනා දැවී ලකුණු 316
(ලසිත් ලක්ෂාන් 40, රුමේෂ් බුද්දික 123, තිලකරත්න සම්පත් 96, හර්ෂ විතාන 27, මාලින්ද පුෂ්පකුමාර 102/5, සචිත්‍ර සේරසිංහ 76/4
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(සචිත්‍ර සේරසිංහ 53, පුලින තරංග 28, හිමේෂ් රාමනායක 34/5, චාමික එදිරිසිංහ 17/3)
බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 43.1 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(රුමේෂ් බුද්ධික 23, හර්ෂ විතාන නොදැවී 35, මාලින්ද පුෂ්පකුමාර 51/5, සචිත්‍ර සේරසිංහ 31/4
සී.සී.සී සහ මූවර්ස් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස්ට පළමු ඉනිමේ ජයක්
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 118.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 444
(ප්‍රිමෝෂ් පෙරේරා 121, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, සහන් විජේරත්න 45, චාමර සිල්වා 58, ශානුක දුලාජ් නොදැවී 62, කෝසල කුලසේකර නොදැවී 51, ලක්ෂාන් සඳකැන් 100/2)
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 101.4 කදී සියලුදෙනා දැවී ලකුණු 388
(කවීන් බණ්ඩාර 60, කුසල් මෙන්ඩිස් 177, අශාන් ප්‍රියංජන් 53, මාධව වර්ණපුර 39, තරිඳු රත්නායක 118/5, ශිරාන් ප්‍රනාන්දු 98/3)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 26
කෝල්ට්ස් සහ රාගම අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
රාගම - කෝල්ට්ස් විසදුමකින් තොරව අවසන්වෙයි
රාගම - පළමු ඉනිම - ඕවර 106.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 401
(සමින්ද ප්‍රනාන්දු 55, ළහිරු මිලන්ත 33, ජනිත් ලියනගේ 51, රොෂේන් සිල්වා 36, සමීර ද සොයිසා 86, ඉෂාන් ජයරත්න 62, නිසල තාරක 110/5, කවීෂ්ක අංජුල 82/2)
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලුදෙනා දැවී ලකුණු 190
(සංගීත් කුරේ 22, අසිත ප්‍රනාන්දු 30, ඇන්ජලෝ ජයසිංහ 24, විශාද් රංදික 23, කවීෂ්ක අංජුල 24, අමිල අපෝන්සු 47/4, චතුර පිරීස් 25/2, ඉශාන් ජයරත්න 28/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 73
(ප්‍රියමාල් පෙරේරා නොදැවී 37)
යුද හමුදාව සහ වරාය අධිකාරිය අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය පිලට පළමු ඉනිමේ ජයක්
යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 98 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 57, කුමාර ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරූ 28/3, අදීල් මලික් 30/2, මදුක ලියනපතිරණගේ 43/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 85.3 කදී සියලුදෙනා දැවී ලකුණු 272
(යොහාන් ද සිල්වා 76, නිසල් රංදික 21, යශෝධ ලංකා 26, ප්‍රශාන් වික්‍රමසිංහ 61, අදීල් මලික් 29. නුවන් ලියනපතිරණ 72/3, සංජික රිද්ම 13/2, ලක්ෂාන් මදුශංක 32/2)
යුද හමුදාව - දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 143
(කසුන් ද සිල්වා නොදැවී 46, විරාජ් පුෂ්පකුමාර 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.