Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් - අකිල විස්සයි20 තරගයට නෑ

කුසල් - අකිල විස්සයි20 තරගයට නෑ

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විවිධ ආබාධයන්ට ලක්ව සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරාට සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අද (27 වැනිදා) එංගලන්තයට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

කලවේ අබාධයක් හේතුවෙන් දෙරට අතර පැවැති එක්දින තරගාවලියෙන් ඉවත් වූ කුසල් තවමත් පූර්ණ සුවය ලබා නොමැති අතර අකිල ධනංජය පාදයේ අබාධයකට ලක්ව ඇත්තේ පස්වැනි එක්දින තරගය අතරතුර පන්දු රැකීමේදීය.

ඔවුන් දෙදෙනාගේ හිඩැස පිරවීම සඳහා විස්සයි20 සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කරනු ලැබ සිටි ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු සංචිතයට ඇතුළත් කර තිබේ.

එක්දින තරගාවලියේ අවසන් තරග තුනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 90 ක් රැස්කළේය. එක්දින තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි තරගවලට ක්‍රීඩා කළ අමිල අපොන්සු එහිදී කඩුලු 2 ක් බිඳහෙළීය.

 


අදහස් (0)

කුසල් - අකිල විස්සයි20 තරගයට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.