Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කැම්බල් - හෝප් වාර්තාගත සම්බන්ධතාවයක

කැම්බල් - හෝප් වාර්තාගත සම්බන්ධතාවයක

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් පැවැති හොඳම සම්බන්ධතාවයේ වාර්තාව බිඳ දැමීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෝන් කැම්බල් (179) සහ ශායි හෝප් (170) අද (5 වැනිදා) සමත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තුන් කොන් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඔවුන් දෙදෙනා එම වාර්තාව බිඳ දැමූහ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2018 වසරේ ජූලි මාසයේ පැවැති තරගයකදී පාකිස්තානයේ ඉමාම් උල් හක් (113) සහ ෆකාර් සමාන් (නොදැවී 210) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 304 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එහි පැරණි වාර්තාව ගොඩනගා තිබිණ.

පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ හොඳම සම්බන්ධතාව මෙන්ම එක්දින ජාත්‍යන්තර තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ දෙවැනි හොඳම සම්බන්ධතාව ලෙසද කැම්බල්ගේ සහ හෝප්ගේ වාර්තාව හැඳින්විය හැකිය.

ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් එදා මෙදා තුර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වී ඇති හොඳම සම්බන්ධතාව ලකුණු 372 කි. 2015 වසරේ පෙබරවාරි මාසයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයදී ක්‍රිස් ගේල් (215) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 133) එක්ව එම සම්බන්ධතාව පිහිටුවා තිබේ.


-036
 

 


අදහස් (0)

කැම්බල් - හෝප් වාර්තාගත සම්බන්ධතාවයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.