Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කාන්තා පිලත් 8 වැනි තැනට

කාන්තා පිලත් 8 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් දින 5 ක් තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු 67 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවේ.

තරගාවලිය ආරම්භ කරමින් මේ මස 24 වැනිද පැවැත්වෙන තරගයේදී ප්‍රසාද ලකුණු 119 ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ පසුවන නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

ප්‍රසාද ලකුණු 128 ක් ලබා සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින අතර එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 112 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන පහේ රැදී සිටින කණ්ඩායම් අතර පවතින පරතරය ලකුණු 20 ක් වන අතර සෙසු කණ්ඩායම් තුන අතර පවතින පරතරය ලකුණු 24 කි.


- 036

 


අදහස් (0)

කාන්තා පිලත් 8 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.