Last Update  :  2024-05-08 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රීඩා ඇමතිට අල්ලස් දුන්නැයි සනත් ජයසුන්දරට චෝදනා

ක්‍රීඩා ඇමතිට අල්ලස් දුන්නැයි සනත් ජයසුන්දරට චෝදනා

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස් හෝ වෙනත් ත්‍යාගයක් දීමට සූදානම් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකවරයකු ලෙස කටයුතු කළ සනත් ජයසුන්දර මහතාට අන්ත්ර්ජාතික ක්‍රිකට් සභාව චෝදනා ඉදිරිපත් කර තිබේ. මෙම චෝදනා හේතුවෙන්  ඔහුට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (11 වැනිදා) පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහු අද සිට දින 14 ක් ඇතුළත  අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඉදිරියේ එම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතුය.

ජයසුන්දර මහතාට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් සභාව ගොනුකර ඇති චෝදනා පහත පරිදි වේ.

2.1.3 වගන්තිය
ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට තැත් කිරීම, ඕනෑම් ආකාරයක උපක්‍රමයකින් අන්තර් ජාතික තරගයක ප්‍රතිඵලයට, ප්‍රගතියට, රටාවට හෝ ස්වභාවයට අනිසි ලෙස බලපෑම් කිරීම

හෝ

2.1.1 වගන්තිය
කිසියම් ආකාරයක උපායයන් යොදමින් හෝ අනිසි බලපෑම් කරමින් තරගයක ප්‍රතිඵලය, ප්‍රගතිය හෝ රටාවට බලපෑම් කිරීම

සහ
2.4.7 වගන්තිය
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන කටයුතු සම්බන්ධයෙන් බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම


ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධව චෝදනා එල්ලවීම හේතුවෙන් ජයසුන්දර මහතා බුද්ධි මධ්‍යස්තානය වෙත මාරුකර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර ඉන් පෙර ඔහු වසර 15 ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කළේය.

 

- 036


අදහස් (0)

ක්‍රීඩා ඇමතිට අල්ලස් දුන්නැයි සනත් ජයසුන්දරට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.