Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්ලෙයාර් ඉතිහාසය අලුතින් ලියයි

ක්ලෙයාර් ඉතිහාසය අලුතින් ලියයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අලුත් පිටුවක් පෙරළමින් පිරිමි එක්දින තරගයක විනිසුරුවරියක ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ඉතිහාස ගතවිමට ඕස්ට්‍රේලියාවේ ක්ලෙයාර් පොලොසැක් සමත්වූවාය. නැමීබියාව සහ ඕමානය අතර පැවැති ලෝක ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් තරගයේ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට ඇයට අවස්ථාව හිමිවිය.

ජේ.එල්.ටී කුසලාන සඳහා 2017 වසරේ පැවැති තරගාවලියේදී ඕස්ට්‍රේලියානු දේශිය පිරිමි ක්‍රිකට් තරගයක විනිසුරුවරියක ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත විමටද ක්ලෙයාර් පොලොසැක් සමත්වූවාය. එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති කාන්තා බී.බී.එල්. තරගාවලියේදී පළමු වරට වෘත්තීමය තරගයකදී විනිසුරුවරියන් ලෙස කටයුතු කිරීමට ක්ලෙයාර් පොලොසැක් සහ එලොයිස් ශෙරිඩාන් සමත්වූවාය.

“මං මේ සුබ ආරංචිය දැනගත්තු ගමන් ගොඩාක් සතුටට පත්වුණා. ක්‍රිකට් තරග විනිශ්චය කරනවා කියන්නේ තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කණ්ඩායමක් ලෙස එකතු වෙලා කරන්න ඕනේ දෙයක් ලෙසයි මං නම් දකින්නේ. ඉතින් මගෙත් එක්ක හිටපු අනෙක් තරග විනිසුරුවරුන්ට සහ විනිසුරුවරියන්ටත් ස්තූති කරන්න මං මේක අවස්ථාවක් කරගන්න කැමතියි.”

“මාත් මුලින්ම තරග විනිසුරුවරියක් ලෙස කරලියට එන්න ටිකක් බයෙන් හිටියේ. මොකද මේකේ වැඩි ආධිපත්‍යය තියෙන්නේ පිරිමි අයට නිසා. නමුත් කාලයක් මං මේ අය එක්ක වැඩ කරනකොට මට තේරුණා මෙතන තමාගේ රඳා පැවතීම තියෙන්නේ කණ්ඩායමක් ලෙස වැඩ කරන්න පුලුවන්නම් විතරයි කියලා. ඉතින් මං කියන්නේ අපේ තරුණියන්ට මේ තැනට එන්න කොහෙත්ම බයවෙන්න එපා කියලයි. මෙතන කිසිම ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ.” යැයි පොලෝසැක් වැඩිදුරටත් පැවසීය.

31 වැනි වියේ පසුවන ක්ලෙයාර් පොලොසැක් ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරග 15කට සිය විනිශ්චය ලබාදී ඇති අතර ඕස්ටේ්‍රලියානු සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර 2016 දී පැවැති තරගයකදී පළමු වරට ජාත්‍යන්තර විනිසුරුවරියක ලෙස කටයුතු කිරීම ආරම්භ කළාය.

 


අදහස් (0)

ක්ලෙයාර් ඉතිහාසය අලුතින් ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.