ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු මෙන්ම අති විශිෂ්ට කි‍්‍රකට් විචාරකයකු වන රිචඞ් බෙනෝ වයස අවුරුදු 84 ක්ව සිටියදී ඊයේ (9 වැනිදා) රාති‍්‍රයේ සිඞ්නි නුවරදී අභාවප‍්‍රාප්ත විය. රිචී බෙනෝ 60 දශකයේදී ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ අති දක්‍ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයකු මෙන්ම නායකයකුද වූ අතර වසර ගණනාවක සිටම සමේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටියේය.
කී‍්‍රඩා කළ සමයේදී අති විශිෂ්ට පා දඟ පන්දු යවන්නෙකු වූ රිචඞ් බෙනෝ තරග කළ ටෙස්ට් තරග 63 න් තරග 28 කදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් නායකත්වය දරා ඇත. 1964 දී බෙනෝ සිය කි‍්‍රකට් දිවියෙන් සමුගත්තේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කිරීමේ අභිප‍්‍රායෙනි. 2005 වසරේ පැවැති අළු බඳුන තරගාවලිය ඔහු එංගලන්තයේදී කළ අවසන් විස්තර විචාරය වූවද 2013 තරගවාරය දක්වාම ඔහු ඔස්ටේ‍්‍රලියාවේ චැනල් 9 රූපවාහිනී සේවයේ කටයුතු කළේය.
පළමු පෙළ කි‍්‍රකට් තරග 259 කදී කඩුලූ 945 බිඳ හෙලා ඇති රිචී බෙනෝ පිතිකරුවකු වශයෙන් ලකුණු 11,719 රැස් කර ඇත. එයට ශතක 23 ඇුතුළත් වන අතර 36.50 සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වීය. ටෙස්ට් ලකුණු 2000 ක් සහ ටෙස්ට් කඩුලූ 200 ලබා ගත් ලෝකයේ පළමු කී‍්‍රඩකයාද ඔහු විය.
එකම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් හෝ පරාජය නොවූ, උපායශීලී නායකයකු ලෙස රිචී බෙනෝ සැලකෙන අතර ඔහු නායකත්වය දැරූ තරගාවලි අතුරින් තරගාවලි 5 ක් ජයගෙන තරගාවලි දෙකක් ජය පැරදුමකින් තොරව අවසන් කර ඇත.
ආකර්ෂණීය කි‍්‍රකට් දිවියකට පසු නිර්මාණශීලී කතුවරයකු, තීරු ලිපි රචකයකු හා ක‍්‍රිකට් විස්තර විචාරකයකු ලෙස රිචී බෙනෝ වඩාත් ප‍්‍රසිද්ධියට පත් විය.
1956 දී එංගලන්තයේ පැවැති ‘අළු බඳුන තරගාවලියෙන් පසුව, රිචී බෙනෝ ‘බී. බී. සී. (බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි සේවයේ) පුහුණු පාඨමාලාව හැදෑරුවේ කී‍්‍රඩකයකු වශයෙන්හම කටයුතු කරමිනි. ඔහු සහ බී. බී. සි. ආයතනය අතර පැවැති වසර 40 ක සම්බන්ධතාවේ ඇරඹුම එය විය.
1960 දී පළමු ගුවන් විදුලි විස්තර විචාරය ඉදිරිපත් කළ රිචී බෙනෝ ඉන් වසර තුනකට පසු සිය පළමු රූපවාහිනී විස්තර විචාරය ඉදිරිපත් කළේය.
ඔහුගේ කන්කලූ, සරල විචාර විලාසය කි‍්‍රකට් ලෝලීන් විසින් වැළඳගන්නා ලද අතර 1977 වන විට ඔස්ටේ‍්‍රලියාවේ ‘චැනල් 9’ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රමුඛ විචාරකයා බවටද රිචී බෙනෝ පත් විය. වයස 83 ක්ව තිබියදී සිය මෝටර් රථය පදවාගෙන යමින් සිටි රිචී බෙනෝගේ රථය ගඩොල් බිත්තියක ගැටීමෙන් ඔහුගේ කොඳු ඇට දෙකක් බිඳී ගියේය.
ඉන් අනතුරුව නැවතත් විස්තර විචාරයට යොමුවීම පිළිබඳව රිචී බෙනෝ නොයෙක් වර කතා කළද එය යථාර්ථයක් බවට පත් නොවීය.
දිවි මගෙහි වැදගත් සංධිස්ථාන.
- 075
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.