ලකුණු 70 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමි කරගත් ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාවට එරෙහිව සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී අමාරුවේ වැටී සිටිති. ඉන්දීය පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 622 ට පිළිතුරු සොයා යමින් සිටින ඕස්ට්‍රේලියාව තරගයේ තුන්වැනි දිනය වූ අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 236 ක් ලබා සිටියේය.
හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා සිටි පීටර් හැන්ඞ්ස්කොම්බ් සහ පැට්ටි්‍රක් කමින්ස් පිටියේ රැඳී සිටියහ.
තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබෙන නමුත් ඕස්ට්‍රේලියානුවෝ තවමත් ඉන්දීය පිලට වඩා ලකුණු 386 ක් පසුපසින් සිටිති. ඕස්ට්‍රේලියාවේදී සිය පළමු වැනි ටෙස්ට් තරගාවලිය ජයගැනීමට නම් මෙම තරගය ජය පරාජය වීමෙන් තොරව අවසන් කරගැනීම වුවත් ඉන්දීය පිලට සෑහේ.
වරෙක කඩුල්ලක් දැවී ලකුණු 128 ක් ලබා සිටි නමුත් සිය මංගල ටෙස්ට් ශතකය පෙනි පෙනී සිටි මාකස් හැරිස් දැවී යාමෙන් පසුව ලකුණු 70 කට තවත් පිතිකරුවෝ හතර දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.
දිවා ආහාරය ලබාගන්න විට කඩුල්ලක් දැවී ලකුණු 122 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් වූ මාකස් හැරිස්, මානස් ලැබුෂ්චේන්ජ්, ෂෝන් මාෂ් සහ ට්‍රැවිස් හෙඞ් යන සිව් දෙනාම දිවා ආහාරයෙන් පසුව දැවී ගියහ. නායක ටිම් පේන් තේ පානයෙන් පසුව දැවී ගියේය.
මන්දාලෝකය නිසා තරගය නතර කිරීමෙන් පසුව අවසන් හෝරාවේදී ධාරාණිපාත වර්ෂාවක් සිඞ්නි නුවරට ඇද හැළිණ. තරගය හෙට විනාඩි 30 ක් කලින් ආරම්භ විමට නියමිතය.
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 7 ට 622 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 6 ක් දැවී 236 යි
(මාකස් හැරිස් 79, උස්මන් කවාජා 27, මානස් ලැබුෂ්චේන්ජ් 38, ට්‍රැවිස් හෙඞ් 20, පීටර් හැන්ඞ්ස්කොම්බ් නොදැවී 28, පැට්‍රික් කමින්ස් නොදැවී 25, රවීන්ද්‍ර ජදේජා 62/2, කුල්දිප් යාදව් 71/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.