Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ඇඩිලේඞ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනට අද (7 වැනිදා) නිමාවනවිට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 191 කට කඩුලු 7 ක් අහිමිකරගෙන සිටියේය.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 59 ක් පසුපසින් සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමට පළමු ඉනිමේ තවත් කඩුලු 3 ක් ඉතිරිව ඇත. ට්‍රැවිස් හෙඞ් ලකුණු 61 ක් සහ මිචෙල් ස්ටාර්ක් ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් අටවැනි කඩුල්ල සඳහා මේවන විට ලකුණු 14 ක සම්බන්ධතාවයක් ගොඩනගා සිටියහ.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී පිටියෙන් ඉවත් කිරීමට ඉශාන්ත් ශර්මා සමත්වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට ඉන්දීය පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
අර්ධ ශතකයක් ලබාගනිමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරුවා බවට මේ වනවිට ට්‍රැවිස් හෙඞ් පත්ව ඇත. ලකුණු 127 කට කඩුලු 6 ක් දැවී තිබියදී හත්වැනි කඩුල්ල සඳහා පැමිණි පැට් කමින්ස් සමගින් එක්ව ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඕස්ට්‍රේලියා ඉනිම ගොඩනැගීමට ට්‍රැවිස් හෙඞ් සමත්විය.
වේගපන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් වුවද දඟපන්දුවෙන් තම දක්ෂතාවය විදහා දැක්වීමට සමත්වූ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 ක් දවාගත්තේය. ඉශාන්ත් ශර්මා සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියා පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
හෙට (8 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
ඉන්දීය පළමු ඉනිම - ඕවර 88 කදී සියලුදෙනා දැවී ලකුණු 250
(චෙතේෂ්වර් පුජාරා 123, රෝහිත් ශර්මා 37, රිෂාබ් පාන්ට් 25. රවිචන්ද්‍රන් අශ්වින් 25, ජොෂ් හේසල්වුඞ් 52/3, පැට් කමින්ස් 49/2, මිචෙල් ස්ටාර්ක් 63/2, නේතන් ලයන් 83/2)
ඕස්ට්‍රේලියා පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 191
(මාකස් හැරිස් 26, උස්මාන් කවාජා 28, පීටර් හැන්ඞ්ස්කෝම්බ් 34, ට්‍රැවිස් හෙඞ් නොදැවී 61, රවිචන්ද්‍රන් අශ්වින් 50/3, ඉශාන්ත් ශර්මා 31/2, ජස්ප්‍රීට් බුම්රා 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.