Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය කඩුලු 7 කින් පාකිස්තානය පරදවයි

එංගලන්තය කඩුලු 7 කින් පාකිස්තානය පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ්හිදී ඊයේ (6 වැනිදා) පැවැති විස්සයි20 ජත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.  

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ජෝ ඩෙන්ලි (නොදැවී 20) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෝගන් සමත් විය.

ආරම්භක පිතිකරු ජේම්ස් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්ද, ජෝ රූට් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 47 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පරදුන් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් බාබර් අසාම් පන්දු 42 කදී ලකුණු 65 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. හාරිස් සොහේල් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසාම් සමත් විය. පන්දු 36 කදී වාර්තා වූ සොහේල්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

ඉමාඞ් වසීම් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද, ෆාහීම් අෂ්රෆ් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක්ද රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෆ්රා ආචර් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරමිනි.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 173
(බාබර් අසාම් 65, හාරිස් සොහේල් 50, ඉමාඩ් වසිම් නොදැවී 18, ජොෆ්රා ආචර් 29/2)

එංගලන්තය - ඕවර 19.2 කදී කඩුලු 3 ක් දැවී 175
(ජේම්ස් වින්ස් 36, ජෝ රූට් 47, ඔයින් මෝගන් නොදැවී 57, ජෝ ඩෙන්ලි නොදැවී 20)

 

-036

 


අදහස් (0)

එංගලන්තය කඩුලු 7 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.