Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය කඩුලු 4 කින් අයර්ලන්තය පරදවයි

එංගලන්තය කඩුලු 4 කින් අයර්ලන්තය පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ අයර්ලන්තය අතර ඩබ්ලින්හිදී ඊයේ (3 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 45 කට සීමා කෙරුණ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 42 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 66 ක් තුළ බිඳවැටුණද, 6 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි බෙන් ෆෝක්ස් පන්දු 76 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඬේවිඞ් විලී (20) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆෝක්ස්, ඉන් නොනැවතී ටොම් කරන් (නොදැවී 47) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පන්දු 38 කදී වාර්තා වූ විලිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 56 කදී වාර්තා වූ කරන්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු ඬේවිඞ් මැලන් පන්දු 3 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

එංගලන්ත ඉනිමේ මුල් පෙළ බිඳදැමූ ජොෂුවා ලිට්ල් ඕවර 8 ක් යවමින් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වු අතර ටිම් මර්ටැග් සහ බොයිඞ් රෑන්කින් කඩුල්ල බැගින් බිඳහෙළුෑහ.

පළමුවෙන් පන්දුවට පරහදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 43.1 ක් අවසානයේ ලකුණු 198 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලයෑම් ප්ලන්කට් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටොම් කරන් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත්හ.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පෝල් ස්ටාර්ලින් පන්දු 44 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක් රැස්කළ අතර රිචඞ් ඇඩයිර් පන්දු 30 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

 

අයර්ලන්තය - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 198
(විලියම් පොටර්ෆීල්ඞ් 17, පෝල් ස්ටාර්ලින් 33, ඇන්ඩෘ බැල්බින් 29, ජෝජ් ඩොක්රෙල් 24, රිචඞ් ඇඩයිර් 32, ලයෑම් ප්ලන්කට් 35/4, ටොම් කරන් 35/3)

එංගලන්තය - ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී 199
(ජේම්ස් වින්ස් 18, ඬේවිඞ් විලි 24, බෙන් ෆෝක්ස් නොදැවී 61, ඬේවිඞ් විලි 20, ටොම් කරන් නොදැවී 47, ජොෂුවා ලිට්ල් 45/4)


-036

 


අදහස් (0)

එංගලන්තය කඩුලු 4 කින් අයර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.