Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට ලකුණු 304 ක ජයක්

ඉන්දියාවට ලකුණු 304 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 304 ක ජයක් ලැබීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ලකුණු 550 ඉලක්කය කරා යාම කෙසේ වෙතත් තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගනිමින් කාලය ගෙවා දැමීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපේක්‍ෂාව වුවත් එහිදී ඔවුන්ට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 245 ක් පමණි.

ඉන්දියාව  - පළමු ඉනිම
ෂිකාර් ධවාන් - ඇ.මැතිව්ස් ප.නුවන් ප්‍රදීප් 190
අභිනව් මුකුන්ද්  - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 12
චෙටේස්වාර් පුජාරා - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 153
විරාට් කෝලි - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 3
අජින්ක්‍යා රහනේ  - ඇ.කරුණාරත්න ප.ළහිරු කුමාර 57
රවිචන්ද්‍රන් අශ්වින් - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 47
රිදිමන් සහා - ඇ.ඩිල්රුවන් ප.හේරත් 16
හර්දික් පාණ්ඩ්‍යා - ඇ.අතිරේක (ධනංජය) ප.ළහිරු කුමාර 50
රවීන්ද්‍ර ජදේජා - ප.නුවන් ප්‍රදීප් 15
මොහොමඩ් ෂාමි  - ඇ.තරංග ප.ළහිරු කුමාර 30
උමේෂ් යාදව්  - නොදැවී  11
අතිරේක (නි. ල. - 2, පා.ල-5, ව.ප.-6,  නිප-3) 16
එකතුව ඕවර 133.1 කදී සියලු දෙනා දැවී  600
කඩුලු වැටීම 
1-27(මුකුන්ද්), 2-280(ධවාන්). 3-286(කෝලි), 4-423(පුජාරා), 5-432(රහනේ), 6-491(සහා), 7-495(අශ්වින්), 8-517(ජදේජා), 9-579(ෂාමි), 10-600(පාණ්ඩ්‍යා)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 31-2-132-6  
ළහිරු කුමාර 25.1-3-131-3  
ඩිල්රුවන් පෙරේරා 30-1-130-0  
රංගන හේරත් 40-6-159-1  
ධනුෂ්ක ගුණතිලක 7-0-41-0  
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.යාදව් 2
උපුල් තරංග - දුවද්දී දැවී ගියා  64
ධනුෂ්ක ගුණතිලක - ඇ.ධවාන් ප.ෂාමි 16
කුසල් මෙන්ඩිස් - ඇ.ධවාන් ප.ෂාමි 0
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.කෝලි ප.ජදේජා  83
නිරෝෂන් දික්වැල්ල - ඇ.මුකුන්ද් ප.අශ්වින් 8
ඩිල්රුවන් පෙරේරා - නොදැවී  92
රංගන හේරත් - ඇ.රහනේ ප.ජදේජා 9
නුවන් ප්‍රදීප් - ප.පාණ්ඩ්‍යා 10
ළහිරු කුමාර - ප.ජදේජා 2
අසේල ගුණරත්න - පන්දුවට පහර දීමට නොපැමිණියේය  
අතිරේක (පා.ල.-4, ව.ප.-1) 5
ඕවර 78.3 කදී සියලු දෙනා දැවී 291
කඩුලු වැටීම 
1-07(කරුණාරත්න), 2-68(ගුණතිලක), 3-68(මෙන්ඩිස්), 4-125(තරංග), 5-143(දික්වැල්ල), 6-205(මැතිව්ස්), 7-241(හේරත්), 8-280(නුවන්), 9-291(ළහිරු කුමාර)
පන්දු යැවීම
මොහොමඩ් ෂාමි 12-2-45-2  
උමේෂ් යාදව් 14-1-78-1  
රවිචන්ද්‍රන් අශ්වින් 27-5-84-1  
රවීන්ද්‍ර ජදේජා 22.3-3-67-3  
හර්ඩික් පාණ්ඩ්‍යා 3-1-13-1  
ඉන්දියාව - දෙවැනි ඉනිම
ෂිකාර් ධවාන් - ඇ.අතිරේක (ධනංජය) ප.ඩිල්රුවන් 14
අභිනව් මුකුන්ද්  - ක.මු.කළා ප.ගුණතිලක 81
චෙටේස්වාර් පුජාරා - ඇ.මෙන්ඩිස් ප.ළහිරු කුමාර 15
විරාට් කෝලි - නොදැවී 103
අජින්ක්‍යා රහනේ  - නොදැවී  23
අතිරේක (පා.ල.-1, ව.ප.-2ල නිප.1) 4
එකතුව ඕවර 53 කදී කඩුලු  3 ක් දැවී     245
කඩුලු වැටීම 
1-19(ධවාන්), 2-56(පුජාරා), 3-189(මුකුන්ද්)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 12-2-63-0  
ඩිල්රුවන් පෙරේරා 15-0-67-1  
ළහිරු කුමාර 12-1-59-1  
රංගන හේරත් 9-0-34-1  
ධනුෂ්ක ගුණතිලක 5-0-16-1  
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න  - ප. අශ්වින්  97
උපුල් තරංග - ප.මොහොමඩ් ෂාමි  10
ධනුෂ්ක ගුණතිලක - ඇ.පුජාරා ප.යාදව් 2
කුසල් මෙන්ඩිස්  - ඇ.රිදිමන් සාහ ප.ජදේජා 36
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.පාණ්ඩ්‍යා ප.ජදේජා 2
නිරෝෂන් දික්වැල්ල - ඇ.සහා ප. අශ්වින්  67
දිල්රුවන් පෙරේරා - නොදැවී 21
නුවන් ප්‍රදීප් - ඇ. කෝලි ප. අශ්වින් 0
ලහිරු කුමාර - ඇ ෂාමි  ප.ජදේජා 0
අතිරේක (පා.ල.-3, ව.ප.-7) 10
එකතුව ඕවර 76.5 කදී සියලුදෙනා දැවී     245
කඩුලු වැටීම 
1-22(තරංග), 2-29(ධනුෂ්ක), 3-108(මෙන්ඩිස්), 4-116(මැතිව්ස්), 5-217 (දික්වැල්ල), 6-240 (කරුණාරත්න), 7-240 (නුවන්), 8-245 (ලහිරු)
පන්දු යැවීම
මොහොමඩ් ෂාමි 9-0-43-1  
උමේෂ් යාදව් 9-0-42-1  
රවීන්ද්‍ර ජදේජා 14.5-4-71-3  
රවිචන්ද්‍රන් අශ්වින් 27-4-65-3  
හර්දික් පාණ්ඩ්‍යා 7-0-21-0  

තේ පානයෙන් අනතුරුව ලකුණු 112ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් බිඳවැටුණු අතර, එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ තත්වයකට ඇදදැමූ රවින්ද්‍ර ජදේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

දිමුත් කරුණාරත්න (97) සහ නිරෝෂන් දික්වැල්ල (67) අතර 5වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 101ක සම්බන්ධතාවය බිඳ දැමීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත්විය. නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ රිදිමන් සහා අතර උඩපන්දුවක් දෙමිනි. 

දික්වැල්ලගේ දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 23ක් එක්වෙද්දී, දිමුත් කරුණාරත්නටද ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ අශ්වින්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.

තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියේය.  ඒ වන විට දිමුත් කරුණාරත්න සහ දික්වැල්ල අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 76 කි.

නරඹන්නන් පමණක් නොව ක්‍රීඩාගාරයේ සිටින සහෝදර ක්‍රීඩකයන් පවා ගත හිරිගඩු නැංවෙන පහර කිහිපයක් ගැසූ නමුත් නිරෝෂන් දික්වැල්ල සිය කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට තරම් වාසනාවන්ත වී සිටියේය. දික්වැල්ල ලකුණු 41 ක් ලබා සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවකට ගැසූ පහරකින් ඇදී ගිය උඩපන්දුව දෙවැනි ස්ලිප් හි සිටි අජින්ක්‍යා රහනේ වෙතින් ගිළිහී යන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 ට 179 ක් ලෙසිනි.

දික්වැල්ල දඩබ්බර පහර කරා ගිය නමුත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තමන්ට සුපුරුදු තැන්පත් ලීලාවෙන් සිය ශතකය කරා පියමං කරමින් සිටියේය. තරගයක දෙවැනි ඉනිමේදී වඩාත් හොඳින් පන්දුවට පහර දීම පුරුද්දක් කරගෙන සිටින දිමුත් පැය හතරකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳෙමින් හතරෙ පහර 9 කින් සිය ඉනිම අලංකාර කර තිබිණ.

දෙවැනි ඉනිම ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කරුණාරත්න සහ මෙන්ඩිස් දෙදෙනා දිවා ආහාරය වන විට ඉනිමට කිසියම් ස්ථාවරත්වයක් ගොඩනැංවූහ.

ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 32 ක් ලබා සිටියදී කඩුලු රකින්නාට උඩපන්දුවක් දුන්නේ යයි පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු ක්‍රීඩකයන් කළ ඉල්ලීමක් විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණ. එය විතීවි ක්‍රමවේදයට යොමු කෙරුණද පන්දුව පිත්තට ඈතින් ඇදී ගිය හෙයින් කුසල් මෙන්ඩිස්ට තවදුරටත් පිටියේ රැඳී සිටිය හැකි විය. එහෙත් ඊළඟ ඕවරයේදී තුන්වැනි විනිසුරුවරායාගේම සහයෝගය ඇතිව කුසල් මෙන්ඩිස්ගේ ඉනිම අහවර කිරීමට ඉන්දියානුවෝ පසුබට නොවූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ මීට දෙසතියකට ඉහතදී සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කඩුලු 6 කට ලබාගත් ලකුණු 391 යි. එසේ වුවත් මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට මෙම අභියෝගය කරා යාමට සිදුව ඇත්තේ ක්‍රීඩකයන් 10 දෙනකුගෙනි. තුවාල ලබා සිටින අසේල ගුණරත්නට පන්දුවට පහර දිය නොහැකිය.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද පෙරවරුවේදී තවත් විනාඩි 30 ක පමණ කාලයක් පන්දුවට පහර දෙමින් ලකුණු 51 ක් ලබාගත්තේය. ඒ අතරවාරයේදී සිය 17 වැනි ශතකය ලබාගත්තේය.

 

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 304 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.