Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව ලකුණු 498 ක් ඉදිරියෙන්

ඉන්දියාව ලකුණු 498 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලකුණු 309 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත් නැවතත් පිති අතට ගත් ඉන්දියානුවෝ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් ලබා සිටියහ. මුල් ඉනිමේ වාසියත් එක්වූ කල්හි ඉන්දීය පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498 ක් ඉදිරියෙන් සිටී. ඉන්දීය පිල කඩුලු 8 ක් අතැතිව සිටින අතර තරගයේ දින දෙකක්ම ඉතිරිව තිබේ.

ඉන්දියාව  - පළමු ඉනිම
ෂිකාර් ධවාන් - ඇ.මැතිව්ස් ප.නුවන් ප්‍රදීප් 190
අභිනව් මුකුන්ද්  - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 12
චෙටේස්වාර් පුජාරා - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 153
විරාට් කෝලි - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 3
අජින්ක්‍යා රහනේ  - ඇ.කරුණාරත්න ප.ළහිරු කුමාර 57
රවිචන්ද්‍රන් අශ්වින් - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 47
රිදිමන් සහා - ඇ.ඩිල්රුවන් ප.හේරත් 16
හර්දික් පාණ්ඩ්‍යා - ඇ.අතිරේක (ධනංජය) ප.ළහිරු කුමාර 50
රවීන්ද්‍ර ජදේජා - ප.නුවන් ප්‍රදීප් 15
මොහොමඩ් ෂාමි  - ඇ.තරංග ප.ළහිරු කුමාර 30
උමේෂ් යාදව්  - නොදැවී  11
අතිරේක (නි. ල. - 2, පා.ල-5, ව.ප.-6,  නිප-3) 16
එකතුව ඕවර 133.1 කදී සියලු දෙනා දැවී  600
කඩුලු වැටීම 
1-27(මුකුන්ද්), 2-280(ධවාන්). 3-286(කෝලි), 4-423(පුජාරා), 5-432(රහනේ), 6-491(සහා), 7-495(අශ්වින්), 8-517(ජදේජා), 9-579(ෂාමි), 10-600(පාණ්ඩ්‍යා)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 31-2-132-6  
ළහිරු කුමාර 25.1-3-131-3  
ඩිල්රුවන් පෙරේරා 30-1-130-0  
රංගන හේරත් 40-6-159-1  
ධනුෂ්ක ගුණතිලක 7-0-41-0  
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.යාදව් 2
උපුල් තරංග - දුවද්දී දැවී ගියා  64
ධනුෂ්ක ගුණතිලක - ඇ.ධවාන් ප.ෂාමි 16
කුසල් මෙන්ඩිස් - ඇ.ධවාන් ප.ෂාමි 0
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.කෝලි ප.ජදේජා  83
නිරෝෂන් දික්වැල්ල - ඇ.මුකුන්ද් ප.අශ්වින් 8
ඩිල්රුවන් පෙරේරා - නොදැවී  92
රංගන හේරත් - ඇ.රහනේ ප.ජදේජා 9
නුවන් ප්‍රදීප් - ප.පාණ්ඩ්‍යා 10
ළහිරු කුමාර - ප.ජදේජා 2
අසේල ගුණරත්න - පන්දුවට පහර දීමට නොපැමිණියේය  
අතිරේක (පා.ල.-4, ව.ප.-1) 5
ඕවර 78.3 කදී සියලු දෙනා දැවී 291
කඩුලු වැටීම 
1-07(කරුණාරත්න), 2-68(ගුණතිලක), 3-68(මෙන්ඩිස්), 4-125(තරංග), 5-143(දික්වැල්ල), 6-205(මැතිව්ස්), 7-241(හේරත්), 8-280(නුවන්), 9-291(ළහිරු කුමාර)
පන්දු යැවීම
මොහොමඩ් ෂාමි 12-2-45-2  
උමේෂ් යාදව් 14-1-78-1  
රවිචන්ද්‍රන් අශ්වින් 27-5-84-1  
රවීන්ද්‍ර ජදේජා 22.3-3-67-3  
හර්ඩික් පාණ්ඩ්‍යා 3-1-13-1  
ඉන්දියාව - දෙවැනි ඉනිම
ෂිකාර් ධවාන් - ඇ.අතිරේක (ධනංජය) ප.ඩිල්රුවන් 14
අභිනව් මුකුන්ද්  - නොදැවී 27
චෙටේස්වාර් පුජාරා - ඇ.මෙන්ඩිස් ප.ළහිරු කුමාර 15
අතිරේක (0) 0
එකතුව ඕවර 17 කදී කඩුලු  2 ක් දැවී     56
කඩුලු වැටීම 
1-19(ධවාන්), 2-56(පුජාරා)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 5-1-24-0  
ඩිල්රුවන් පෙරේරා 6-0-20-1  
ළහිරු කුමාර 4-0-09-1  
රංගන හේරත් 2-0-03-0  

තණතීරුවේ ස්වභාවය එලෙසින්ම තිබෙන බැවින් ඉන්දීය දෙවැනි ඉනිම නවතන ස්ථානය සහ කාලගුණය අනුව තරගයේ තීරණය විසඳෙනු ඇත.  

ඉන්දීය දෙවැනි ඉනිම ආරම්භ වී පැයකට පමණ පසුව තරමක වර්ෂාවක් ගාල්ල ක්‍රීඩාංගණයට ඇද හැළුණු නමුත් දිනයේ අතිරේක කාලය ප්‍රයෝජනයට ගත් කල්හි අද දිනයට අහිමි වූයේ ඕවර 5 ක් පමණි.

කුසල් මෙන්ඩිස්ගේ අති විශිෂ්ට උඩ පන්දු රැකීමක් හේතුවෙන් ඉන්දීය දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 56 දී බිඳ වැටීමත් සමගම මුල් ඉනිමේදී ශතක ලබාගත් පිතිකරුවෝ දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. එහෙත් එතැන් සිට එක්වූ නායක විරාට් කෝලි සහ අභිනව් මුකුන්ද් කිසිම ආකාරයේ තර්ජනයකින් තොරව තම කණ්ඩායම ලකුණු 189 ක් කරා තල්ලු කරගෙන ගියහ. දිනයේ යැවූ අවසන් ඕවරයේදී අභිනව් මුකුන්ද් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියද එයින් ඉන්දීය පිලට සිදුවූ පාඩුවක් නොවීය.

සෙසු පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී එක අන්තයක තනිවූ ඩිල්රුවන් පන්දු 132 කට මුහුණ දෙමින් නොදැවී ලබාගත් ලකුණු 92 ට හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්විය. ඉනිම පුරාම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව පිත්ත හැසිරවූ ඩිල්රුවන්ගේ මෙම ඉනිම ඔහුගෛ් හොඳම ටෙස්ට් ඉනිමට වඩා ලකුණු 3 ක් පසුපසින් තිබේ. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ සිය මංගල ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව සාජාහිදී ලබාගත් ලකුණු 95 යි.

අද පෙරවරුවේදී තරමක වර්ෂාවක් ගාල්ල ක්‍රීඩාංගණයට පතිත වූ නමුත් එයින් තරගයට බලපෑමක් නොවූ අතර නියමිත වේලාවට තරගය ආරම්භ වන විට දීප්තිමත් සූර්යාලෝකයක් පැවතිණ. වර්ෂාව පිළිබඳ සියුම් බලාපොරොත්තුවක් තිබුණත් ශ්‍රී ලංකා පිලේ අවධානය යොමුව තිබුණේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා අවශ්‍ය ලකුණු 401 ලබාගැනීම කෙරෙහිය.

මැතිව්ස් සහ ඩිල්රුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අතර දිනයේ පළමු හෝරාවේදී දෙදෙනාම නිර්භය ලකුණු රැස්කිරීමක නිරත වූහ. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා ඩ්‍රයිව් පහරකට පොළඹවාගත් විරාට් කෝලි ‘ෂෝට් එක්ස්ට්‍රා කවර්ස්’ හි සිට තමාම උඩපන්දුව රැකගත්තේය.

පැය දෙක හමාරක් පුරා පන්දු 130 කට මුහුණ දුන් හිටපු නායකයා ලබාගත් ලකුණු 83 ට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. මැතිව්ස්ගේ දැවී යාමත් සමගම හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 62 ක සම්බන්ධතාව බිඳ වැටිණ. එහි නිහඬ අර්ථය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව අවසන් බවයි.
මැතිව්ස් දැවී යාමෙන් පසුව අපූරු සිදුවීමක් දක්නට ලැබිණ.

මුලු ලකුණු සංඛ්‍යාව 216 ක්ව තිබියදී රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවක් පා ආවරණයෙන් හරස් කිරීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට ඩිල්රුවන් දැවී ගියේය. ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 38 ක් පමණි. ඩිල්රුවන් දැවී ගිය බව විනිසුරුවරයා තීරණය කළ නමුත් පන්දු යවන්නාගේ පාදය පතිත වන ස්ථානය නිවැරදිව විමසා බැලීම සඳහා රූපවාහිනී විනිසුරුවරයාගේ සහය ලබාගැනීමට ප්‍රධාන විනිසුරුවරයාම තීරණය කළේය.

‘හෝක් අයි’ තාක්‍ෂණයෙන් හෙළිදරව් වූයේ පන්දුව කඩුල්ලට ඉහළින් යන බවයි. ඒ හේතුවෙන් ඩිල්රුවන්ට තවදුරටත් පිටියේ රැඳී සිටිය හැකිවූ අතර එතැන් සිට ඩිල්රුවන් විසින් ශ්‍රී ලංකා ඉනිමට එක්කරන ලද ලකුණු සංඛ්‍යාව 52 කි.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

ඉන්දියාව ලකුණු 498 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.