ලෝකයේ පැරණිතම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය වන ‘අළු බඳුන’ සඳහා වන එංගලන්ත - ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් තරගාවලිය හෙට (21 වැනිදා) ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවරදී ආරම්භ වේ. තරගාවලිය තරග 5 කින් සමන්විතය.
1882 දී ආරම්භ කරන ලද මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරග 331 කින් තරග 105 ක් ජයගැනීමට එංගලන්තය සමත් වී සිටින අතර ඕස්ටේ‍්‍රලියාව තරග 133 ක් ජයගෙන තිබේ. අවසන් වරට පැවැති තරගාවලි තුනම ජයගත් එංගලන්ත පිල මේ වන විට අළු බඳුනේ හිමිකරුවන් වී සිටින අතර එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පවසන්නේ පිට පිටම සිවුවැනි වතාවටත් අළු බඳුන තමන් සතුකරගත හැකි වේ යයි තමන් විශ්වාස කරන බවයි.
මෙම තරගාවලියේදී එංගලන්ත පිල ඇලිස්ටෙයාර් කුක් විසින්ද ඕස්ටේ‍්‍රලියානු පිල මයිකල් ක්ලාක් විසින්ද මෙහෙවනු ලබති.
හෙට තරගය එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවා වන කෙවින් පීටර්සන්ගේ 100 වැනි ටෙස්ට් තරගයයි. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් කී‍්‍රඩා කරන 10 වැනි කී‍්‍රඩකයා වන්නේද කෙවින් පීටර්සන්ය.
තරගය ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් හෙට අලූයම 5.30 ට ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.