Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අවිෂ්කට - නුවන්ට චෝදනා

අවිෂ්කට - නුවන්ට චෝදනා

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ අවිෂ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා යන මහත්වරුන්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ යැයි චෝදනා ගොනුකර තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී 2017 වසරේ පැවැති ටී10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුකරුවන් ලෙස සහභාගි වී සිටියදී අවිෂ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා යන දෙපළ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී තිබේ.

මෙහිදී අන්තර් ජාතික ක්‍රිකට් සභාව එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් මෙම දෙපළට චෝදනා ගොණුකර තිබේ. එහිදී නුවන් සොයිසාට නීති රීති පද්ධතියේ වගන්ති හතරක් කඩකළ බවට ද, අවිෂ්කට වගන්ති දෙකක් කඩකළ බවට ද, මෙහිදී චෝදනා පත්‍රයක් යොමු කර තිබේ.

මෙම තරගාවලිය යටතේ අවිෂ්කට චෝදනා එලල් වූ පළමු අවස්ථාව මෙය වේ. නුවන් සොයිසාට මෙම තරගාවලිය යටතේ පසුගිය වසරේ නොවැම්බර් මස චෝදනා එල්ල වූ අතර ඔහු මේ වන විට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩකයන්ට තොරතුරු ලබාදීමට දුන් සහන කාලයේදී මෙම පුහුණුකරුවන් දෙපළ සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවත් එම සහන කාලයේදී පුහුණුකරුවන් දෙපළ කිසිඳු තොරතුරක් ලබාදී නොමැති බව ද වාර්තා වේ.

අවිෂ්ක ගුණවර්ධන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ අවිෂ්කට ද තාවකාලික තහනමක් පනවන බවයි.

මෙම දෙපළ මේ මස 9 වැනිදා සිට දින 14 ක් ඇතුළත මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතුය.

 

නුවන් සොයිසාට එල්ල වී ඇති චෝදනා (04)

● 2.1.1. වගන්තිය - තරගයේ ප්‍රතිපලයට, ප්‍රගතියට, රටාවට සහ ස්භාවයට අනිසි ලෙස බලපෑම් කරන ගිවිසුමක කොටස්කරුවකු වීම.
● 2.1.4. වගන්තිය
- 2.1. වගන්තිය කඩ කරන පුද්ගලයන්ට උවමනාවෙන්ම සහයෝගය දැක්වීම, පහසුකම් සැපයීම, සෘජුව හෝ වක්‍රව ඇවටිලි කිරීම, උපදෙස් දීම සහ නම්මවා ගැනීම.
● 2.4.4. වගන්තිය - වගන්තිවලට අනුව දුෂිත ක්‍රියාවල හෝ ඒ සඳහා වන ආරාධනා පිළිබඳව සම්පූර්ණ තොරතුරු දූෂිත මර්ධන අංශයට ලබාදීමට අපොහොසත් වීම.
● 2.4.6. වගන්තිය - දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් දූෂන මර්ධන අංශය ක්‍රියාත්මක කළ විමර්ශනවලට සාධාරණ හේතුවක් නොදක්වමින් සහයෝගය නොදීම හෝ ප්‍රතික්ෂේප කිරීම.

 

අවිෂ්ක ගුණවර්ධනට එල්ල වී ඇති චෝදනා (02)

● 2.1.4. වගන්තිය - 2.1. වගන්තිය කඩ කරන පුද්ගලයන්ට උවමනාවෙන්ම සහයෝගය දැක්වීම, පහසුකම් සැපයීම, සෘජුව හෝ වක්‍රව ඇවටිලි කිරීම, උපදෙස් දීම සහ නම්මවා ගැනීම.
● 2.1.5.
වගන්තිය - දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ සියලුම සිද්ධි, තොරතුරු සහ කාර්යයන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු දූෂන මර්ධන අංශයයට ලබාදීමට අපොහොසත්වීම

 

- 048


අදහස් (0)

අවිෂ්කට - නුවන්ට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.