දෙවැනි වරටත් ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියක ශූරතාව දිනා ගැනීමට ගෞතම් ගම්භීර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල අද (1 වැනිදා) සමත්විය.
බැංගලෝර්හි චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයෙන් කිංග්ස් XI පන්ජාබ් පිල එරෙහිව කඩුලූ 3 ක ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ වැඩිම ලකුණු ලාභියා ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ රොබින් උත්තාපා (ලකුණු 660) ද, වැඩිම කඩුලූ ලාභියා ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිලේ මෝහිත් ශර්මා (කඩුලූ 23) ද සම්මාන දිනාගත් අතර තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙස කිංග්ස් XI පන්ජාබ් පිලේ ග්ලේන් මැක්ස්වෙල් සම්මාන ලැබීය.
තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිල පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 50 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 94 ක් රැස්කරමින් තරගය ජය ගැනීම සඳහා මනා අඩිතාලමක් දැමූ මනීෂ් පාන්ඬේ තරගයේ වීරයා බවට පත්විය. ඔහුට අනගි සහයක් දුන් යූසෆ් පතන් පන්දු 22 කදී ලකුණු 36 ක් රැස්කළේ හයේ පහර 4 ක්ද සමගිනි.
18 වැනි ඕවරයේ අවසන් පන්දුවට 6 පහරක් එල්ල කළ පියුෂ් චව්ලා (නොදැවී 13), 19 වැනි ඕවයේ 3 වැනි පන්දුවට 4 පහරක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්තේය.
එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ පන්ජාබ් පිලේ කඩුලූ රකින කී‍්‍රඩක රිධිමන් සාහා පන්දු 55 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 115 ක් රැස්කළේය. එය මෙවර තරගාවලියේ කී‍්‍රඩකයකු රැස්කළ තෙවැනි ශතකය මෙන්ම දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.
ආරම්භක පිතිකරු මනන් වෝරා (67) සමග එක්ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී ලකුණු 129 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ සාහා, තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ නැංවීය.
පන්දු 52 කදී වාර්තාවූ මනන් වෝරාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 4 කට 199
(මනන් වෝරා 67, රිධිමන් සාහා නොදැවී 115, පියුෂ් චව්ලා 44/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.3 කදී කඩුලූ 7 කට 200
(ගෞතම් ගම්භීර් 23, මනීෂ් පාණ්ඬේ 94, යූසෆ් පතන් 36, කරන්වීර් සිං 54/4, මිචෙල් ජොන්සන් 41/2)
අයි.පී.එල්. තරගයේ සජීවී තොරතුරු
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.