Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු

අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු

රොෂාන් ගුණරත්න - 2019 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග වලින් ඉවත්වීමට මොහොමඞ් අමීර්ට සිදුවී ඇත. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ බලාපොරොත්තු ඔහුගෙන් බොඳවී යන ආකාරයක් පෙනෙන්නට තිබේ.

කණ්ඩායමත් සමගින් එක්නොවූ අමීර් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිය පවුලේ සාමාජිකයින් සමගින් මේ වනවිට ලන්ඩන් නුවර රැඳී සිටී. අසනීපවිම හේතුවෙන් ඔහුට දෙවැනි එක්දින තරගය මඟහැරුණි.

ලෝක කුසලාන සඳහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයේ ස්ථානයක් මොහොමඞ් අමීර්ට හිමිනොවීය. කෙසේවෙතත් ලෝක කුසාලාන තරගාවලියට පෙර සත්කාරක එංගලන්තය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියේදී දක්වන දක්ෂතා අනුව ලෝක කුසලාන සංචිතය සඳහා එක්වීමේ අවස්ථාවක් ඔහුට තිබුණි.

ලෝක කුසලාන සඳහා නම්කරන ලද මූලික සංචිතයන්හී ක්‍රිඩකයින් වෙනස් කිරීමේ හැකියාව මැයි 23 වැනිදා දක්වා සියලුම කණ්ඩායම් වලට ඇත. 2017 පැවැති ශූරයන්ගේ කුසාලන අවසන් තරගයේ සිට මේ දක්වා ඕවර 101 ක් යවා ඇති අමීර් දවාගෙන ඇත්තේ කඩුලු 5 ක් පමණි. එංගලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී පාකිස්තාන කණ්ඩායමට අමීර් එක්කර ගත්තද වර්ෂාව හේතුවෙන් එම තරගය ඕවර 19 කට සීමාවිය.

එංගලන්තය සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින තරගය පසුගිය ඉරිදා ආරම්භවිය. අවසන් තරගයට හෝ සහභාගිවීමට අමීර්ට හැකිවුවහොත් ලෝක කුසලාන සංචිතය සඳහා ඔහුව එක්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය පසුවෙයි. 

 


අදහස් (0)

අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.