Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අන්තර්ජාතික කණ්ඩායමේ නායකයා සර්ෆ්‍රාස්

අන්තර්ජාතික කණ්ඩායමේ නායකයා සර්ෆ්‍රාස්

Nisanka Sandeepani - 2017 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද ශූරයන්ගේ කුසලාන අන්ර්ජාතික කණ්ඩායමේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඞ්ට හිමිව තිබේ. තරගාවලිය පුරා දවාගැනීම් 9 කට සිය දායකත්වය ලබාදී ඇති අහමඞ්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති මූලික වටයේ තීර්ණාත්මක තරගයේදී නායකත්වයේ ඉනිමක් (නොදැවී 61) ක්‍රීඩා කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් නම් කර ඇති අතර ඊට පාකිස්තාන ක්‍රීඩකයෝ සිවුදෙනෙක්, ඉන්දීය ක්‍රීඩකයෝ තිදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයෝ තිදෙනෙක් සහ බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ඇතුළත්ව සිටිති. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඉන්දියාවේ ශිකර් ධවාන් (ලකුණු 338) සහ අවසන් තරගයේ වීරයා බවට පත් වූ පාකිස්තානයේ ෆකාර් සමාන් (ලකුණු 252) මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස තෝරාගනු ලැබ ඇත. බංග්ලාදේශයේ ටමීම් ඉක්බාල් (ලකුණු 293), ඉන්දියාවේ විරාට් කෝලි (ලකුණු 258) සහ එංගලන්තයේ ජෝ රූට් (ලකුණු 258) පිළිවෙලින් ශූරයන්ගේ කුසලාන කණ්ඩායමේ තෙවැනි, සිවුවැනි සහ පස්වැනි පිතිකරුවන් ලෙස නම් කර තිබේ. 

කණ්ඩාමේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස එංගලන්තයේ බෙන් ස්ටොක්ස් (ලකුණු 184 සහ කඩුලු 3) නම් කර ඇති අතර දඟ පන්දු යවන්නා ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ ආදිල් රෂීඞ් (කඩුලු 7) වය. 
මෙම කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් (කඩුලු 8), පාකිස්තානයේ ජුනයිඞ් ඛාන් (කඩුලු 7) සහ තරගාවලියේ වීරයා බවට පත්වූ පාකිස්තානයේ හසන් අලී (කඩුලු 13) එම වේගපන්දු යවන්නෝ තිදෙනා වෙති. 

නවසීලන්තයේ කේන් විලියම්සන් (ලකුණු 244) මෙම කණ්ඩායමේ 12 වැනි (අතිරේක) ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ. 

ශූරයන්ගේ කුසලාන කණ්ඩායම - 
ශිකාර් ධවාන්, ෆකාර් සමාන්, ටමීම් ඉක්බාල්, විරාට් කෝලි, ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, සෆ්රාස් අහමඞ් (නායක), ආදිල් රෂීඞ්, බුවනේෂ්වර් කුමාර්, ජුනේඞ් ඛාන් සහ හසන් අලී 

12 වැනි ක්‍රීඩකයා - 
කේන් විලියම්සන් 

-036 


අදහස් (0)

අන්තර්ජාතික කණ්ඩායමේ නායකයා සර්ෆ්‍රාස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.