Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අතුරු කමිටු අලූත් දෙයක් නොවේ - ක‍්‍රීඩා ඇමති

අතුරු කමිටු අලූත් දෙයක් නොවේ - ක‍්‍රීඩා ඇමති

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අතුරු කමිටු අලූත් දෙයක් නොවන බවත් ක‍්‍රිකට් ඉතිහාසයෙන් අඩක්ම පාලනය වී ඇත්තේ අතුරු කමිටුවලින් බවත් ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

සිදත් වෙත්මුණි මහතාගේ සභාපති නව ක‍්‍රිකට් අතුරු කමිටුව වැඩ ආරම්භ කිරීම දැනුම්දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (01) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘ක‍්‍රිකට් අතුරු කමිටු අලූත් දෙයක් නොවෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයෙන් අඩක් පමණම අතුරු කමිටු පාලනය කරලා තියෙන්නේ. අතුරු කමිටුවල හිටපු අයට මේක වැරදී කියලා කියන්න බෑ. ක‍්‍රීඩා ඇමැතිවරයා ලෙස මට ඒ බලය තිබෙනවා’’

‘‘ක‍්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන්ට අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ නිසා මෙය පිරිසිදු කළ යුතුයි. ඒ නිසා අතුරු කමිටුවක් පත් කළා. ක‍්‍රීඩා ඇමැතිවරයා ලෙස ඉලෙක්ටඞ්ද සිලෙක්ටඞ්ද කියලා හිතුවා. පිරිසිදු කරගෙන නිලවරණයකට යන්න පුළුවන්’’

‘‘මෙය දීර්ඝකාලීන පත්කිරීමක් නොවෙයි. නමුත් ඉලක්කයක් තිබෙනවා. අගමැතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. අගමැතිතුමා කිව්වා වගේ මෙහි මූල්‍ය අක‍්‍රමිකතා තියෙනවා. රූපවාහිනී විකාශන අයිතිය සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ලැබෙන මුදල් පිළිබද ප‍්‍රශ්න තිබෙනවා. මේවා ජනතාව දන්නවා’’  

‘‘අන්තර්ජාති ක‍්‍රිකට් සභාව සමඟ අපි 1980 සිට කිසිදු ප‍්‍රශ්නකින් තොරව කටයුතු කර තිබෙනවා. මෙහිදී ද ගැටුමකට යන්නේ නෑ. සාකච්ඡා කරනවා. දැනටමත් ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා සමඟ සාකාච්ඡා කර තිබෙනවා. ශ්‍රීනිවාසන් මහතා සමඟ ළගදීම කථා කරනවා, ඉදිරියේදී ඒ මහතා මුණ ගැසෙනවා’’
‘‘‍ෙසෙවරී රටක් හැටියට අපිට නීතියක් තියෙනවා. ඒ වගේම වෙනත් නීති සමඟත් කටයුතු කරනවා. මේ බලය මට ලැබුණේ පනත නිසයි. පනත ක‍්‍රියාත්මක කරන්න මට කොන්දක් තියෙනවා’’

‘‘කියන තරම් යකා කළු නෑ. දැනටමත් සාකච්ඡා කරමින් ඉන්නේ’’
‘‘මා ක‍්‍රීඩා ඇමති හැටියට වැඩ බාර ගන්නා විට කිව්වා කණ්ඩායම ගැන නිහඩව ඉන්නවා කියලා. ඒ වගේම ක‍්‍රිකට් ගැන වචනයක්වත් කථා කළේ නෑ. ක‍්‍රීඩකයන්ට බලපෑමක් නොවන විදියට මාස තුනක් විතර කටයුතු කළා. අතුරු කමිටුවක් පත්කිරීම පිළිබදව රට තුළ ලොකු ප‍්‍රශංසාවක් තියෙනවා. යහපානය ආණ්ඩුව හොරු අල්ලනවද කියලා ජනතාව අපෙන් ප‍්‍රශ්න කරනවා’’

‘‘මහේලට සහ සංගක්කාරට පසුගිය කාලේ ගොඩක් ප‍්‍රශ්න තිබුණා. මම සංගක්කාරගෙන් ඉල්ලා සිටිනවා තව අවුරුද්දක්වත් ක‍්‍රීඩකයකු ලෙස සේවය ලබා දෙන්න කියලා’’

මෙහිදී අදහස් දක්වූ නව අතුරු කමිටු සභාපති හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සිදත් වෙත්මුණි මහතා පැවසුවේ මෙය ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනස්කිරීමට හොද අවස්ථාවක් බවයි.

‘‘අපිත් එක්ක වැඩ කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙමින් ඉන්නවා. මහේල ජයවර්ධන ප‍්‍රකාශ කර තිබෙනවා ඔහු උපදේශකයකු ලෙස සේවය සැපයීමට සූදානම් බව. ගරු සේවයක් හැටියට පාසල් ක‍්‍රිකට්, කනිෂ්ඨ ක‍්‍රිකට් පිළිබඳව කටයුතු කිරීමට මහේල කැමැත්ත ප‍්‍රකාශ කළා’’

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට පසුගිය කාලයේ එල්ල වූ චෝදනා පිළිබදව කළ විමසුමකදී වෙත්තමුණි මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘ලෝක කුසලාන පරාජයට නිසායි ඔය චෝදනා එල්ල වෙන්නේ. නමුත් නියමිත ප‍්‍රතිපත්තයකට අනුව තේරීම් කළ යුතුයි. එහෙම දෙයක් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම තේරිම් සදහා ප‍්‍රතිපත්තියක් ලබා දෙනවා’’

හිටපු භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා මෙම අතුරු කමිටුවට ඇතුළත්ව සිටීම පිළිබඳව කළ විමසුමකදී ඇමතිවරයා මෙසේ පැවසීය.

‘‘අවුරුදු 4 කාල සීමාව ඉතාම වැදගත්, මේ පත්කර තිබෙන වෙනත් කිසිකෙනෙක්ට ඒ ප‍්‍රශ්නය නෑ. මම හිතනවා අතීත දැනුම තියෙන කෙනෙක් ඉන්න  ඕනේ කියලා. නුස්කි මොහොමඞ් මහතා පිළිබඳව මට විශ්වාසයක් තියෙවා’’
මෙම මාධ්‍ය හමුවට අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් වන ප‍්‍රකාෂ් ශාෆ්ටර් (ලේකම්), ලූසිල් විජේවර්ධන (භාණ්ඩාගාරික), කපිල විජේගුණවර්ධන (උප සභාපති), නුස්කි මොහොමඞ්, ප‍්‍රසන්න ජයවර්ධන, ජයනන්ද වර්ණවීර සහ දුමින්ද හුලංගමුව යන මහත්වරු සහභාගි වූහ. උප සභාපතිවරයකු වන කුෂිල් ගුණසේකර මහතා එම අවස්ථාවට සහභාගි නොවීය.

 

ඡායාරූපය: ශාන්ත රත්නායක


අදහස් (2)

අතුරු කමිටු අලූත් දෙයක් නොවේ - ක‍්‍රීඩා ඇමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.